Header Ads

පාපන්දු ලෝක කුසලානය – 2014 : රෆායල් මාකේස් ඉතිහාසගත වෙයි

මෙක්සිකෝ කණ්ඩායම් නායක රෆායල් මාකේස්  පාපන්දු ලෝක කුසලාන තරගාවලි 4කදී ජාතික කණ්ඩායම මෙහෙය වූ පළමු නායකයා ලෙස වාර්තා අතරට එක් විය.
ඒ කැමරූන් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් පසුව යි.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ
‘ඒ’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙක්සිකෝව හා කැමරූන් කණ්ඩායම් අතර තරගය නටාල් හීදී පැවැත් විය.
තරගයේ පළමු අර්ධයේදී දෙපිළට ම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
නමුත් දෙවැනි අර්ධයේ 61වැනි මිනිත්තුවේදී මෙක්සිකෝ ඉදිරි පෙළ ක්‍රීඩක ඔරිබෝ පෙරාල්ටා ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ය.
මෙම තරගයේදි මෙක්සිකෝවට නායකත්වය ලබා දුන් රෆායල් මාකේස්  ලෝක කුසලාන තරගාවලි 4ක නායකත්වය දැරූ පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය.

No comments

Powered by Blogger.