Header Ads

අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක්

අතුරුදන්ව ඇති එම්.එච්.370 මලයාසියා ගුවන් යානය සෙවීමේ කටයුතු මධ්‍යම ආසියාවේ රටක්වන කර්ගස්ථානයේ බෙෂ්-ටාෂ් උතුරු දිග නිම්නයේ සිදුකරන ලෙස නවසිලන්ත අභ්‍යාවකාශ හා
භෞතික විද්‍යාඥයකු වන බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකා නාසා ආයතනයේ පර්යේෂක ඩන්කන් ස්ටීල් පවසයි.
ඔහු පවසන්නේ දැනට පරික්ෂණ කටයුතු සිදුකරන ඉන්දියන් සාගර ප්‍රදේශය වන පර්ත් හි සිට බටහිරට වන්නට ඇති ප්‍රදේශයට යානය කඩා වැටුණායැයි සිතිය නොහැකි බවයි. මේ ගුවන් යානය අතුරුදන්වන වේලාවේ දී කිරිකිස්ථානයේ නිම්න ප්‍රදේශය දුම් වළාවන්ගෙන් වැසි ගොස් තිබූ බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පැහැදිලිවන්නේ යැයි පවසයි. ඔහු පවසන්නේ මේ නිම්න ප්‍රදේශය පිරික්සීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කැර ගැනීමට හැකිවනු ඇති බවයි.

No comments

Powered by Blogger.