“අද සිංහල බෞද්ධකම කියන්නේ පඹයෙක්..මේ පඹයට කපුටෝ කොටනවා”
(අද)තමන්ට දේශපාලනය අතහැර යන්න සිතී ඇති බවත් දැන් අන්තයටම කලකිරී සිටින බවත් කළුතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.
පානදුර ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමින්
ඒ මහතා මෙසේද කීය.‘මට මාව රවට්ටගන්නත් බැහැ. මට අනෙක් මිනිස්සුන්ව රවට්ටන්නත් බැහැ. මේ දෙකටම මම කැමති නැහැ. මට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. අන්තයටම කලකිරිලයි ඉන්නේ. මේවා දමලා ගහලා යන්න හිතිලයි තියෙන්නේ. නමුත් තව ටිකක් බලනවා අඩුම තරමින් අපි ඉන්න පළාතවත් හදාගන්න පුළුවන්ද කියලා.
ලංකාවේ නිදහස තියෙන්නේ මිනිස්සු මරන්න, හොරකම් කරන්න, ළමා අපයෝජන කරන්න සහ ස්ත‍්‍රී දුෂණ වලටයි. මේක හොද ලස්සන රටක්. නමුත් මේ රටේ බොහොමයක් ඉන්නේ නරක මිනිස්සු. හොද මිනිස්සුත් ඉන්නවා. ඒත් දැන් නරක තමයි ඉහළට එන්නේ.
සිංහල බෞද්ධකම කියන්නේ තැන් තැන් වල ගිහිල්ලා කෑ ගහන එක විතරක් නෙවෙයි. රණ්ඩුවෙන්න, ගහගන්න යන එක නෙවෙයි සිංහල බෞද්ධකම කියන්නේ. අනෙක් අයට කරුණාව, මෛත‍්‍රිය කරලා තමනුත් හැදිලා අනුන්වත් හදාගෙන ඉදිරියට යෑමයි. නමුත් අද සිංහල බෞද්ධකම කියන්නේ පඹයෙක්. මේ පඹයට කපුටෝ කොටනවා’
No comments