හිරගෙදර බඩු කටුගෙට ...
වසර 212ක ඉතිහාසයකට උරුමකම් කියන බන්ධනාගාරය තමන් සතු පෞරාණික භාණ්ඩ, අෑත අතීතයේ සිට බන්ධනාගාරගත වූ දේශපාලනඥයන්, විශේෂිත පුද්ගලයන් සහ නම ගිය අපරාධකරුවන් පරිහරණය කළ බඩු බාහිරාදිය ඇතුළුව බන්ධනාගාරයේ ඔවුන්ට අදාළව තිබූ
ලිපිලේඛන ආදිය එක්රැස් කොට බන්ධනාගාර කෞතුකාගාරයක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ලිපිලේඛන ආදිය එක්රැස් කොට බන්ධනාගාර කෞතුකාගාරයක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ක්‍රි.ව. 1818දී අධිරාජ්‍යවාදීන් විසින් මහනුවර බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ඇහැලේපොළ නිලමේතුමා, ආචාර්ය එන්.එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, මහින්ද රාජපක්ෂ, රෝහණ වීජේවීර, විජය කුමාරතුංග, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ආදී දේශපාලනඥයන්ගේත්, උතුවන්කන්දේ සරදියෙල්, මරු සිරා වැනි නමගිය අපරාධකරුවන්ගේත් තොරතුරු ඔවුන් බන්ධනාගාරයේදී පාවිච්චි කළ බඩු භාණ්ඩ, සිරගත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට අදාළ අධිකරණ නියමයන් ඇතුළු ලිපිලේඛන යෝජිත බන්ධනාගාර කෞතුකාගාරයේ තැන්පත් කෙරෙන බවත් මේ වනවිටත් එම භාණ්ඩ රැස්කිරීමේ කටයුතු ඒ ඒ බන්ධනාගාර හරහා සිදුවෙමින් පවතින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක මූලස්ථාන අධිකාරි ටී.එන්. උපුල්දෙණිය මහතා 'මව්බිම'ට පැවැසීය.
පසුගියදා වසා ඇමුණු බෝගම්බර බන්ධනාගාරයෙන් ඉවත් කෙරෙන එල්ලුම්ගස් ත්‍රිත්වය, අෑත අතීතයේ එම බන්ධනාගාරයේ හිරකරුවන් පාව්චිචි කළ වඩු ආයුධ ඇතුළු යන්ත්‍රසූත්‍රද කෞතුකාගාරයේ තැන්පත් කෙරෙන ඉපැරැණි භාණ්ඩ අතර වෙයි.
කෑගල්ල බන්ධනාගාරයේ සිරගතව සිටි උතුවන්කන්දේ සූර සරදියෙල් බන්ධනාගාර ගතකළ අවස්ථාවේ ඔහු සම්බන්ධයෙන් වූ බන්ධනාගාර බලපත්‍රද මේ වනවිට සොයාගත් ලිපිලේඛන අතර වන බවද වාර්තා වෙයි.
යෝජිත බන්ධනාගාර කෞතුකාගාරය දුම්බර බන්ධනාගාරය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක උපුල්දෙණිය මහතා පැවැසීය.
මෙවැනි බන්ධනාගාර කෞතුකාගාරයක් පිහිටුවීමෙන් බන්ධනාගාරයේ ඉතිහාසය මෙන්ම පවත්වාගෙන ගිය කටයුතු, සිරගත වූ සුවිශේෂී පුද්ගලයන්ගේ තොරතුරු ආදිය ගැන පර්යේෂණ කටයුතුවල යෙදෙන අයටද විශාල පිටිවහලක් වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිහිටුවනු ලැබුවේ ක්‍රි.ව. 1802දී සර් ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ පාලන සමයේදීය. බන්ධනාගාරයේ පළමුවරට වැරැදිකරුවකු එල්ලා මරා දැමුවේ 1812 පෙබරවාරි 10 වැනිදායි.
කෞතුකාගාරය ආරම්භ කිරීමට අවශ්‍ය තොරතුරු හා භාණ්ඩ බන්ධනාගාර පර්යේෂණ හා ප්‍රජා විශෝධන මධ්‍යස්ථානය මඟින් මේ වනවිට රැස්කරමින් පවතී.
No comments