ලාංකිකයින් 541ක් ඕස්ට්‍රේලියාවේ කඳවුරුවල
නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාව පැමිණි ශ්‍රී ලාංකිකයින් 541දෙනෙක් රැදවුම් මධ්‍යස්ථානවල සිටින බවට ඔස්ට්‍රේලියා ස්වෛරී දේශ සීමා මෙහෙයුම් ප්‍රධානී මැට් වෝඩෙල් මහතා ප්‍රකාශ කරයි.
ක්‍රිස්මස් දූපතේ ශ්‍රී ලාංකිකයන් 4
9ක් ඔස්ට්‍රේලියා 441ක් පැපුවා නිව්ගිනියාවේ 27ක් සහ නාවූර්හි 24ක් මෙසේ රදවා ඇතැයි හෙතෙම කීය.මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට එන විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සදහා පසුගිය සැප්තැම්බර් මාසයේ ඔස්ට්‍රේලියානු රජය විසින් ස්වෛරී දේශ සීමා මෙහෙයුම මගින් වෙරළාරක්ෂණ ප්‍රතිපත්තියක් හදුන්වා දුන් බව කී හෙතෙම, එය හදුන්වා දුන් සිට පසුගිය මැයි මාසය දක්වා ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පැමිණ ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 106 ක් පමණක් බවද කීය.
මෙම දේශසීමා මෙහයුම හදුන්වා දීමට පෙර, එනම් පසුගිය සැප්තැම්බර් මාසයට පෙර මාස 12 ක කාලයක් තුළ නීති විරෝධී ලෙස මුහුදු මගින් ලාංකිකයන් 4829 ක් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි කී ඔඩෙල් මහතා, මෙහෙයුම ආරම්භ කළ පසු ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 170 ක් මව් රටට එවා ඇතැයිද කීය.
ඔස්ට්‍රේලියානු ස්වෛරී දේශ සීමා ගැන ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් රොබින් මූඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති වැඩමුලුවකදී ඔඩෙල් මහතා ඉහත කරැණු අනාවරණය කළේය.
No comments