Header Ads

මිලියන භාගයක් ජනතාව මොසුල් නුවර හැරයති

ඉරාකයේ මොසුල් නුවර ඉස්ලාම් අන්තවාදීන් විසින් අත්පත් කර ගනු ලැබීමෙන් පසු මිලියන භාගයක් පමණ ජනතාව නගරයෙන් පලාගොස් ඇතැයි පැවසේ.
නගරය මුළුමනින්ම සියතට ගත් ඉරාකයේ සහ ලෙවන්ට් කලාපයේ ඉස්ලාමීය
සටන් කරුවන් තවත් ඉදිරියට ඇදෙමින් සිටින බව වාර්තා විය.
අල් ක්වයිදා සංවිධානයෙන්ම බිහිවූ කණ්ඩායමක් ලෙස සැලකෙන ISIS නොහොත් ඉරාකයේ ඉස්ලාමීය සටන් කරුවෝ දැනටමත් නැගෙනහිර සිරියාවේ මෙන්ම බටහිර සහ මධ්‍යම ඉරාකයේ සැලකියයුතු භූමි භාගයක් පාලනය කරති.
දැන් ඔවුන් ඉරාකයේ කිර්කුක් සහ සලහෙදින් ප්‍රාන්ත වල නගර ඔස්සේ ඉදිරියට ඇදී ඇති බව පැවසේ.
තත්වය යහපත් අතට පත්කර ගැනීම සඳහා සුනි සුළු ජාතිකයන් සමග එක්ව කටයුතු කරන්නැයි ෂියා ජාතික ඉරාක අගමැති නුරි අල් මලිකි ගෙන් ඇමරිකාව ඉල්ලා තිබේ.
අගමැති මලිකි ගේ සුළු ජාතිකයන් නොසලකා හැරීමේ ප්‍රතිපත්ති මෙම ජාතීන් දෙක අතර ගැටුම් වලට හේතු වී ඇතැයි පැවසේ.
සංදේශය

No comments

Powered by Blogger.