පුවත්පතේ මංගල දැන්වීමෙන් ලිංගික අතවරයකට ලක්ව සියල්ල අහිමි කරගත් ලිපිකාරිය
මිනිසුන් වන අපි හුදෙකලාව ප්‍රිය නොකරමු. අප ඥාති, මිතුරු සම්බන්ධතා පවත්වාගෙන යන්නේ එබැවිනි. එමෙන්ම සියලු දෙනාම පාහේ සිය ජීවිතයට සහකරුවකු හෝ සහකාරියක බලාපොරොත්තු වෙති. නමුත් එවැන්නන් සොයා ගැනීමේදී බොහෝ දෙනා
වංචාවන්ට හසුවීම, අනුවණකම් කිරීම වර්තමානයේ දැකිය හැකි සුලබ දෙයකි. එයට වයස් භේදයක් නැත. මෙවැනි අනුවණකම් පුවත්පත්වලින් නිතර දෙවේලේ අසන්නට ලැබේ. තවත් එවැනි කතාවක් මෑතකදීම ඇසෙන්නේ දික්ඔය ප්‍රදේශයෙනි.
වංචාවන්ට හසුවීම, අනුවණකම් කිරීම වර්තමානයේ දැකිය හැකි සුලබ දෙයකි. එයට වයස් භේදයක් නැත. මෙවැනි අනුවණකම් පුවත්පත්වලින් නිතර දෙවේලේ අසන්නට ලැබේ. තවත් එවැනි කතාවක් මෑතකදීම ඇසෙන්නේ දික්ඔය ප්‍රදේශයෙනි.
ඇය තිස්හත් හැවිරිදි දමිළ කාන්තාවකි. හැටන් ප්‍රදේශයේ දමිළ පාසලක ලිපිකාරිනියක වශයෙන් සේවය කළාය. විවාහ විය යුතු වයස ඉක්මවමින් සිටියද ඇයගේ ජීවිතයට සහකරුවකු සිටියේ නැත. සහකරුවකු නොසිටීම නිසා ඇතිවුණුළතැවිල්ල ඇයව නිතර පීඩාවට පත්කළේය. සාමාන්‍යයෙන් වෙනත් තරුණියන් තරුණයන් සමග හිතවත්කම් ගොඩනගාගෙන ප්‍රේම සම්බන්ධතා ඇති කරගත්තද ඇයට එවැනි අවස්ථාවක් නොලැබුණි. එවැනි අවස්ථාවලදී බොහෝ දෙනකු සිදුකරන සේ ඇයද පුවත්පතක මංගල යෝජනා දැන්වීමක් පළකරන්නට තීරණය කළාය. සිය දුරකථන අංකයද එහි සඳහන් කළාය. ‘ඔහු’ ඇයට ඇමතුමක් ලබා දෙන්නේ මේ අතරතුරේදීය. ඇය ඔහු සමග බොහෝ තොරතුරු දුරකථනයෙන් කතාබහ කළාය. තමා බලාපොරොත්තු වන්නේද මේ ආකාරයේ පුද්ගලයකු යැයි ඇයට සිතෙන්නට විය. මෙසේ ආරම්භ වූ මිතුකම අවසානයේ ප්‍රේම සම්බන්ධයක් දක්වා ලියලා වැඩුණි. අවසානයේ ඔහු පැවැසුයේ ඇයව ඉක්මනින් විවාහ කරගන්නට අවශ්‍ය බවය. ජීවිතයට සහකරුවකු නොමැතිව ගෙවුණු කාලය අවසන් යැයි ඇයට හැඟුණි. ඇය ඒ පිළිබඳව සිටියේ සතුටිනි. ඒ සතුටට එහා කිසිවක් ඇය දුටුවේ නැත. එවැන්නක් සිතන්නට හෝ ඇයට ඕනෑ කළේ නැත.
දිනක් ඔහු ඇයට මෙවැනි යෝජනාවක් කළේය.
“අපි හැමදාම මෙහෙම ෆෝන් එකෙන් කතා කරනවා විතරයි. දවසක් අපි මුණගැහිලා නිදහස් තැනකට ගිහින් දවසක එතැන ඉඳලා එමු” නමුත් ඔවුන්ගේ සම්බන්ධයට මේ වන විට ගතව තිබුණේ දින දහයක් වැනි කාලයකි. එහෙත් ඔහුගේ මේ යෝජනාව ඉවත හෙළන්නට ඇගේ සිත ඉඩ දුන්නේ නැත. කෙසේ හෝ සොයාගත් සහකරු තමා වෙතම රඳවා ගැනීමට උත්සාහ කරනු විනා අන්කිසිවක් කරන්නට ඇයට අවශ්‍ය වූයේ නැත.
“ඔයා එදාට එනකොට ලස්සනට එන්න ඕන හොඳද? ලස්සන ඇඳුමක් ඇඳලා මාල, වළලු එහෙම දාගෙන එන්න. බලන්නත් ආසයිනේ එතකොට” ඇගේ අනාගත සහකරු එසේ කීය. සාමාන්‍යයෙන් සිංහල කතුන්ට සාපේක්ෂව ද්‍රවිඩ කාන්තාවෝ ආභරණ පැළඳීමෙහි ලොල් වෙති. රන් ආභරණ පැළඳීම අභිමානයක් යැයිද ඔවුහු සිතති.
පසුගිය මැයි 31 වැනිදා ඇය ඔහු හමුවන්නට ගියාය. ඇය මෙවැනි ගමනක් යන බැව් ඇගේ දෙමාපියන් හෝ දැන සිටියේ නැත. පළමු හමුවෙන්ම ඔහු පිළිබඳ ඇගේ සිතේ හැඟීම් තවත් මෝදුවන්නට විය. ඔවුහු හැටන් නගරයේ අවන්හලකට ගොස් සිසිල් බිම බොමින් පෙම්බස් දොඩන්නට පටන් ගත්හ.
“මෙතන ඉන්න බෑ. අපි මීට වඩා නිදහස් තැනකට යමුද?”
ඔහු ඇයගෙන් එසේ ඇසූ අතර ඇයද එයට කැමැති වූවාය. ඇයව ත්‍රි රෝද රථයකට නංවාගත් ඔහු කෙළින්ම ගියේ මෙම ප්‍රදේශයේ පිහිටි ගෝර්ති නම් වතුයායටයි. එහි තිබූ එක පාළු ස්ථානයක් ඔවුන්ගේ ගමනාන්තය විය.
“මෙතැන හොඳයි. කවුරුවත් එන්නේ නැහැ. අපට සැනසිල්‍ලේ ඉන්න පුළුවන්” ඔහු කීය. තමාව විවාහ කරගන්නා බවට පොරොන්දු වී ඇති ඔහු පිළිබඳව ඇයට තුන් හිතකින් හෝ සැකයක් පහළ කරගන්නට අවශ්‍යතාවක් තිබුණේ නැත.
“මම බිම එකක් ගෙනාවා. ඒක බොමු” යැයි පැවැසූ ඔහු එය ඇයට පානය කරන්නට දුන්නේය. ඇය එය පානය කළාය. ඇයට මතක එපමණකි.
කෙසේ හෝ බැමි ලෙහා ගත් ඇය වතුයායෙන් පිටතට පැමිණෙන විට දුටු නිවෙසකට ගොස් සියල්ල පැවැසුවාය. ඒ වන විට රාත්‍රී එකොළහට පමණ වන්නට ඇත. නිවැසියන් මේ බව වහාම නෝර්වුඩ් පොලීසියට දැනුම් දුන් අතර එතැනට පැමිණි පොලිස් නිලධාරීහු ඇයව දික්ඔය රෝහලට ඇතුළත් කළහ. එහිදී ඇයට ලිංගික ක්‍රියාවක් සිදුවී ඇති බවද අනාවරණය විය.
පොලීසිය එම මොහොතේම අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කිරීමට පියවර ගත්තේය. අදාළ අපරාධකරුට වැඩි දවසක් පොලීසියෙන් සැඟව සිටීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ අනුව පසුගිය ජුනි 4 වැනිදා ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.
පොලීසිය විසින් සොයාගනු ලැබූ කරුණුවලට අනුව මෙය මොහුගේ පළමු කොල්ලකෑම නොවේ. මංගල යෝජනා දැන්වීම්වලට ප්‍රතිචාර දක්වා අදාළ කාන්තාවන් දූෂණය කොට ඔවුන්ගේ රන් ආභරණ කොල්ලකෑම ඔහු කාලයක සිට සිදුකරනු ලබන්නකි.
නුවරඑළියේ පදිංචි 31 හැවිරිදි මෙම පුද්ගලයා දෙමළ ජාතිකයෙකි. ඔහු දෙදරු පියෙක්ද වෙයි. ඔහු මෙයට පෙර කළ මෙවැනි ස්ත්‍රී දූෂණ හා කොල්ලකෑම් සම්බන්ධයෙන් නුවරඑළිය අධිකරණයේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතින බවද පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ. ඔහුට මෙවැනි කාර්යයන් සඳහා සහය වීම සඳහා තවත් කිහිප දෙනකු සිටින බවද පොලීසියේ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
මංගල දැන්වීමක් පුවත්පතක පළ කරන්නට යමකුට හේතු කිහිපයක්ම තිබිය හැකිය. සිය දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව විවාහ වන්නට කැමති පිරිස් තම සහකරු හෝ සහකාරිය සොයා දීමේ වගකීම ඔවුනටම පවරයි. මඟුල් කපුවන්ගෙන් පිළිසරණක් නොමැති විට වැඩිහිටියන්ගේ අවධානය යොමුවන්නේ පුවත්පතක දැන්වීමක් පළකිරීමටය. ඇතැම් අවස්ථාවලදී විවාහ වන වයස ඉක්මවා ගිය දරුවන් ඇති දෙමාපියෝද ඔවුන්ගේ කලදවස පිළිබඳ සිතා යහපත් සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට මෙවැනි දැන්වීම් පළකරති.
කලවයස ඉක්මවමින් යනවිට දිය යුතු දෑවැද්ද ඉහළ දමනු පෙනෙන්නට ඇති කරුණකි. ඇතැම් පුවත්පත් ඔවුන් පළ කළ දැන්වීම් නිසා යුග දිවියට පත් අයගේ ඡායාරූප පවා පළ කරන බැවින් බොහෝ දෙනෙකු තුළ මේ පිළිබඳ විශ්වාසය ඇත. සැබැවින්ම තම අනාගත සහකරු හෝ සහකාරිය සොයා ගන්නට බොහෝ කාලයක පටන් පුවත්පත් දැන්වීම් මගින් මහඟු මෙහෙවරක් සිදුවිය. සමාජය මුදල් මත පමණක් රඳා පවතින්නට පටන් ගැනීමත් සමග විවිධ අය මුදල් ඉපැයීම සඳහා විවිධ ක්‍රම පසුපස ගියහ. පුවත්පත් මංගල යෝජනා මේ සඳහා ධන නිධානයක් කරගත හැකි බැව් එවැනි පුද්ගලයන්ට වැටහිණි. විශේෂයෙන් කලවයස ඉක්මවූ, ඉහළ දෑවැද්දක් දෙන්නේ යැයි සඳහන් කොට ඇති දැන්වීම් මෙවැනි පුද්ගලයන්ට කදිම ධන නිධානයක්ය.
මුල්සමයේ බොහෝ විට මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටියන් මැදිහත් වුවද වර්තමානයේ සහකරුවකු හෝ සහකාරියක සොයන පුද්ගලයන්ම මේ සඳහා දැන්වීම් පළකරනු බොහෝ විට දක්නට ලැබේ. එවිට එවැනි පුද්ගලයන්ව මුලාකිරීම පහසුය. මෙවැනි යෝජනාවලින් ලැබෙන ප්‍රතිචාරවලට තනිවම පිළිතුරු සපයන මොවුන් ඒ පිළිබඳ බොහෝ විට කිසිවකු දැනුවත් කරන්නේද නැත. නමුත් පහත සඳහන් ආකාරයේ දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන්නට මෙවැනි වංචා සහගත පිරිස් තරමක් පසුබට වෙති.
‘පවුලේ එකම දියණියට සුදුසු සහකරුවකු දෙමාපියෝ සොයති.’
මෙවැනි දැන්වීම් සඳහා වැඩිහිටියන් මැදිහත්වන බැවින් අදාළ කාන්තාව සමග ජු සම්බන්ධයක් ගොඩනගාගැනීම දුෂ්කරය. සියලු දේ සිදුවන්නේ වැඩිහිටියන් ඔස්සේය. එවැනි මංගල දැන්වීම් ආරක්ෂාකාරී යැයි පැවසෙන්නේ එබැවිනි. අනෙක තමාට සහකරුවකු හෝ සහකාරියක සොයාගැනීම පිණිස යමෙකු පෞද්ගලිකව හෝ මෙවැනි දැන්වීම් පළකරන්නේ නම් මතක තබාගත යුතු විශේෂම කරුණක් නම් මෙවැනි දැන්වීම්වලින් අයුතු ප්‍රයෝජන ගැනීමට බලා සිටින පිරිස් ඕනෑ තරම් ඉන්නා බවය. එබැවින් තමා කරන සියලු දේ දෙමාපියන්, වැඩිහිටියන්, මිතුරන් දැනුවත් කිරීම වඩා ආරක්ෂාකාරීය. හමුවීමට හොඳම ස්ථානය අතරමග නොව නිවසය. ඒත් විවෘත මට්ටමින් පවතින යථාර්ථය තේරුම්ගත හැකි නම් පමණක් ඔබ කිසිවකුට වංචාවකට හසු නොවී මෙම මංගල යෝජනා දැන්වීම්වලින් නියම පළ නෙළාගත හැකිය.
No comments