ජල ප්‍රහාරය මරුවා පරදවයි
සියදිවි නසාගන්නෙමියි තට්ටු ගොඩනැගිල්ලක ජනේලයකින් පැනීමට ගිය පුද්ගලයෙකු වෙත අධි බල ජල පහරක් අල්ලා ඔහු පනින්න තැත් කළ
ජනේලයෙන්ම ගොඩනැගිල්ල ඇතුළට තල්ලූ කර දැමිමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප‍්‍රාන්තයේ කුවින්ගාඩෝ නගරයේ ගිනි නිවීමේ භටයෝ සමත් වූහ.පැය 2 ක් පමණ ජනෙල් පඩියේ වාඩිවී හුන් මෙම පුද්ගලයා තමන්ගේ බිඳ වැටුණු ආදර සබඳතාද,ආර්ථික ගැටළුද ආදී මෙකී නොකී දෑ සම්බන්ධයෙන් උපන් දුකට අදෝනා නගමින් සිටියේය.මොහු දුටුවෝ වහා ආදාළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කළහ.
වහා එහි පැමිණි ගිනි නිවීම් භටයෝ ඔහු පැන්නහොත් අල්ලා ගනු පිණිස පහළින් දැලකුදු එලූහ.
පැය 2 ක් ගතවූ තැන ඔහු තවමත් අදෝනා නගමින් සිටිනු රිස්සනු නොහැකිව ඔවුහු අවසානයේ ගිනි නිවීම් රථයේ වූ අධි බල ජල විදිනය ඔහුට එල්ල කර ජල පහරක් විද්දහ.ගොඩනැගිල්ල ඇතුළට විසිවී ගිය ඔහුව පොලිස් නිළධාරීහු තමන්ගේ භාරයට ගත්හ.

ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි නසාගන්නෙමැයි කියමින් සිටින පුද්ගලයින් බලා පහළ සිට ඔට්ටු ඇල්ලීමටත් ඇතැම් චීන ජාතිකයෝ පුරුදුව සිටින්නෝය.ඒ ඔහු පනීදැයි නොපනීදැයි කියාය.
සියදිවි නසාගැනීමට උත්සාහ කර අවසානයේ කෙසේහෝ ගිනි නිවීම් භටයින්ගේ හෝ වෙනත් පුද්ගලයින්ගේ පිහිටෙන් දිවි ගලවාගන්වුන්ද ඇත.ඔවුන් බොහෝ දෙනා පවසන්නේ තමන් මෙවැනි දේ රූපවාහිනියේ දකින නිසා එවැන්නක් අත්හදා බැලීමට තැත් කළ බවය.
No comments