Header Ads

පැමෙලා ඇන්ඩර්සන් ළමා වියේදී දූෂණය වූ හැටි හෙළි කරයි

හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් සිය අතීතය පිළිබඳව කළ විවරණයකින් ප්‍රංශයේකාන් (Cannes) නගරය මෙන් ම ලෝකය ම කැළඹීමට පත්ව තිබේ.
ඒ, තමන් කුඩා දරුවෙකුව සිටි සමයේ අවස්ථා රැසකදී බරපතළ ලිංගික අපචාරවලට ලක්වූ බවට
ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් හේතුවෙනි.
The Baywatch නමින් ලොව පුරා ප්‍රචලිත වූ ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ පැමෙලා ඇන්ඩර්සන් කාන් සිනමා සම්මා උළෙලට සහභාගි වීම සඳහා ප්‍රංශයට පැමිණ සිටින අතරතුර සහභාගි වූ සත්ත්ව ශුභසාධන වැඩසටහනකදී ඇය මෙම තොරතුරු හෙළි කළා ය.‍
46 හැවිරිදි පැමෙලා එහිදී පැවසුවේ, වයස අවුරුදු 6 තමන් පළමු වරට තමන්ව රැක බලා ගැනීම සඳහා ‍යොදවා සිටි කාන්තාව අතින් ලිංගික අතවරයට ලක්වූ බවය.
පසුව වයස අවුරුදු 12දී සිය මිතුරියක සමග ඇයගේ පෙම්වතාගේ නිවසට ගොස් සිටි අවස්ථාවක ඔහුගේ 25 හැවිරිදි වැඩිමල් සොහොයුරා විසින් තමන් දූෂණය කරනු ලැබූ බව ඇය ප්‍රකාශ කළා ය.
ඉන් වසර කිහිපයකට පසු සිය හිටපු පෙම්වතෙකු සහ ඔහුගේ මිතුරන් හය දෙනෙකු විසින් තමන් සමූහ දූෂණයකට ලක් කළ බව ද ඇය හෙළි කළාය.
තම පියා මත්පැනට ඇබ්බැහි වූවකු බවද මව රැකියා දෙකක නිරත වූ බැවින් කොයි වෙලේත් ගෙදර නොසිටි බවද පැවසුව ඇය, මව්පියන් තමන් ආරක්ෂා කිරීමට සිතූ නමුත් ලෝකය තමන්ට කිසිසේත්ම ආරක්ෂාකාරී තැනක් නොවූ බවද පැවසුවාය.
මිනිසුන් විශ්වාස කිරීම හේතුවෙන් තමන් අතීතයේ කරදර රැසකට මුහුණ දුන් බවත්, තමන් සතුන්ට ආදරය දැක්වීමට හේතුව එම අතීත අත්දැකීම් බවත් ඇය පැවසීය.
මිතුරන්ටත්බලන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.