සුගතදාස කී‍්‍රඩාංගණය අසාදු ලේඛණයට
ඉදිකර වසර දෙකක් ඉක්මවා යාමට පෙර විටින් විට අබලන් තත්ත්වයට පත්වීම හේතුවෙන් කොළඹ සුගතදාස එළිමහන් පිටියේ කෘත්රම ධාවන පථයට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයෙන් තහනමක් එල්ලවීමේ අවදානමක් මතුවී ඇතැයි වාර්තා වේ.
එම සංගමය සුගතදාස පිටියේ ධාවන පථයට පළමු පංතියේ තත්ත්ව සහතිකය ලබා දුන් නමුදු
එම තත්ත්වය හමුවේ දැන් එය අසාදු ලේඛනයට ඇතුලත් වීමේ ඉඩකඩක් මතුවී ඇතැයි ද සුගතදාස ක්‍රීඩාංගන ආරංචිමාර්ග සඳහන් කරයි.උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථයේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් විශේෂ නියෝජිතයන් පිරිසක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පාලන අධිකාරියේ ඉල්ලීමක් පරිදි ඔවුන් දිවයිනට ළඟා වෙති. සුගතදාස ක්‍රීඩාංගන කෘති‍්‍රම ධාවන පථයේ වත්මන් අසතුටුදායක තත්ත්වය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරමින් එහි පාලන අධිකාරිය නව තීරණයට පැමිණ තිබේ.
කෙසේ වුවත් එම කෘත්‍රිම ධාවන පථයට පළමු ශ්‍රේණියේ අන්තර්ජාතික තත්ත්ව සහතිකය ලබාදීමට අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය ගත් තීරණය මේ වනවිට විවාදයට බඳුන් වී තිබේ. උද්ගතවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉකුත්දා සුගතදාස පිටියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වූ බවද වාර්තා වේ.
අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් මෙහි පැමිණෙන නිරීක්ෂණ නියෝජිත පිරිස කෘති‍්‍රම ධාවන පථ ඉදිකිරීම් ජාත්‍යන්තර නියෝජිත ආයතන 10ක් අතරින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කැමැත්ත පරිදි තෝරාගෙන තිබේ. රුපියල් මිලියන 113 කට වැඩි වියදමක් දරා අලූතින් ඇතිරූ සුගතදාස කෘති‍්‍රම ධාවන පථය 2012 ජූනි 9 වැනිදා නිල වශයෙන් විවෘත කළේ එදින 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය එහිදී ආරම්භ වෙමිනි.
එහිදී 2012 අගෝස්තු 20 වැනිදා ධාවන පථයේ පළමු අලූත්වැඩියාව සඳහා ක්‍රීඩාංගනය වසා දමනු ලැබීය. එයින් පසු අවස්ථා කීපයකදී ධාවන පථයේ අබලන් තත්ත්වයන් වාර්තාවීම නිසා එහි අලූත්වැඩියා කටයුතු සඳහා සුගතදාස පිටිය වසා දමනු ලැබීය.
සුගතදාස පිටියේ කෘත්‍රිම ධාවන පථයේ ඉදිකිරීම් සිදු කරන ලැබුවේ ජර්මන් නියෝජිත ආයතනයක් විසිනි. මේ වනවිට සුගතදාස පිටියේ ධාවන පථයේ අලූත්ම තත්ත්වයට අනුව එහි ස්ථාන කීපයක යළිත් කඩතොළුවීම් මතුවී ඇතැයිද වාර්තා වේ. කෙසේ වුවත් ටෙන්ඩරයේ වටිනාකමින් රුපියල් මිලියන 10කට ආසන්න ඉතිරි මුදලත් ඉදිකිරීම් නියේජිත ආයතනයට ගෙවීම මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයේ නියමයෙන් අත්හිටුවා ඇතැයි ද වාර්තා වේ.
පිළිගත් තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකිරීමෙන් දේශීය පරිසරයට නොගැළපීම වැනි කරුණු කීපයක් නිසා සුගතදාස පිටියේ අලූතින් එලූ ධාවන පථය තත්ත්වයෙන් බාල ප්‍රමිතියට අනුකූල නැතැයි මේ වනවිට චෝදනා එල්ල වේ.
මේ අතර ඉදිකිරීමේ දේශීය නියෝජිත ආයතන මේ සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පෙන්වාදෙන්නේ ප්‍රමිතියක් නොමැතිව පාවිච්චිය සුගතදාස ධාවන පථයේ වත්මන් අසතුටුදායක තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බවය.
තුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments