Header Ads

ජවිපෙ නව නායක අනුර කුමාර ගේ මංගල කතාව

“අපි ධනවත්, නම්බුකාර පවුල්වල උදවිය නොවේ. අපි බොහෝම කුඩා තැන්වලින් ජීවිතය පටන්ගත් උදවිය. මගේ අප්පච්චි මැනුම් කම්කරුවෙක්. මගේ අම්මාට අකුරු ලියන්න බැහැ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නව නායක අනුර කුමාර දිසානායක මහතා හත්වැනි ජාතික සමුළුවට සහභාගි වී සිටි
සිය පාක්‍ෂිකයන් අමතමින් ප්‍රකාශ කළේය.
ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා ගොඩනඟන ලද අභිමතාර්ථයන්, සිරකඳවුරු තුළ අනේකවිධ වධබන්ධනවලට ලක්වෙමින් මියයන විට සහෝදර සහෝදරියන්ගේ තිබුණු ප්‍රාර්ථනාවන්, බලාපොරොත්තු මේ මහා පොළොවේ ස්ථාපිත කරන තෙක් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉදිරියට යන බවත් පක්‍ෂය වෙනුවෙන් දිවිදීමට වුවද සූදානම් බවත් හෙතෙම කියා සිටියේය.
ජවිපෙ නායකයා අවධාරණය කෙළේ අපේ ජීවිතයත් පක්‍ෂය, අපේ පවුලත් පක්‍ෂය, අපේ හිතවතත් පක්‍ෂය, අපේ පන්සලත්, විශ්වවිද්‍යාලයත්, අධ්‍යාපනයත් පක්‍ෂය, අපේ විනෝදයත්, සැනසුමත් පක්‍ෂය බවයි.
ජනතා විමුක්ති පෙරමුණ ධනපති පන්තියට එරෙහි ඔවුන්ගේ සතුරුම ව්‍යාපාරය යැයි පැවැසූ අනුර කුමාර දිසානායක මහතා සමුළුවට පැමිණි සාමාජිකයන් අමතමින් මෙසේද පැවැසීය.
අප මේ 7 වැනි ජාතික මහ සමුළුව කැඳවනු ලබන්නේ රට විශාල වශයෙන් අතුරු අන්තරාකාරී තත්ත්වයකට මුහුණදී තිබෙන මොහොතකයි. එක් පැත්තකින් ආර්ථිකයේ මහා අර්බුදයක් නිර්මාණය වෙලා ජනතාව පීඩාවට පත්වෙමින් තිබෙනවා. තව පැත්තකින් අධිකරණය, පාර්ලිමේන්තුව වැනි ආයතන එක් පවුලක ආදිපත්‍යයට යට කරගනිමින් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය මුළුමනින්ම කඩා වට්ටමින් තිබෙනවා. ඒ වගේම අධිරාජ්‍යවාදය හමුවේ අපේ මවුබිම ගිලටීනය කරා දක්කමින් තිබෙනවා. ඒ වගේම කුඩු, කැසිනෝ, එතනෝල්වලින් පිරුණු රාජ්‍යයක් බවට පත්කරමින් තිබෙනවා. අධ්‍යාපනයේ, සෞඛ්‍යයේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරමින් ජනතාව පීඩාවට පත් කරමින් තිබෙනවා.
මේ ඇති වී තිබෙන අභියෝගයට මුහුණදිය හැකි ශක්තිමත් ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩනැඟිය යුතු කියන යෝජනාව අපි සම්මත කරගත්තා. ඒ සඳහා ජනතාවට මඟ පෙන්විය හැකි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් පුළුල් මැතිවරණ පෙරමුණක් ගොඩනඟා ගත යුතුය යන යෝජනාවත් අප සම්මත කරගත්තා.
පාදඩකරණයට ලක්කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති වෙනුවට රටේ ජනතාව පීඩාවට පත්කරමින් ඉතා අතළොස්සක වරප්‍රසාද ලත් පැලැන්තියක් ආර්ථිකයේ සියලු ධනය අත්පත් කරගෙන තිබෙන මේ දුෂ්ට ක්‍රමයට එරෙහිව නව සමාජවාදී සමාජ ක්‍රමයක් සඳහා වූ යෝජනා මාලාවක් සම්මත කර ගනු ලැබුවා. ඒ වගේම පක්‍ෂයට නායකත්වය සැපයීම වෙනුවෙන් අපේ පක්‍ෂයේ උත්තරීතරම ආයතනය වූ මධ්‍යම කාරක සභාව තෝරාගනු ලැබුවා. ඒ වගේම මේ 7 වැනි ජාතික මහ සමුළුවෙන් මා වෙත විශේෂ වගකීමක් පවරා දී තිබෙනවා. මේ පක්‍ෂය මොකක්ද? මේ පක්‍ෂය මොකටද යන්න අපි හොඳින් වටහාගෙන තිබෙනවා.
1965දී මේ පක්‍ෂය ගොඩනැඟුවේ මේ පවතින දුබල, බෙලහීන, පසුගාමී, ධනේෂ්වර ක්‍රමයට අපේ රට අඟලක් හෝ ඉදිරියට ගෙන යෑමට නොහැකි බව වටහා ගනිමින්. ඒ වෙනුවට අපේ රටේ ජාතික සමඟිය ගොඩනඟන්න, ජාතික නිදහස දිනාගන්න, සමානාත්මතාව, සමාජ සාධාරණත්වය ගොඩනඟන්න, සමාජවාදී සමාජයක් ගොඩනඟන්න එවැනි උත්තුංග අරමුණු වෙනුවෙන් ගොඩනඟන ලද ව්‍යාපාරයක් මේක. රෝහණ විජේවීර සහෝදරයා ගොඩනඟන ලද මේ පක්‍ෂය සන්නද්ධ නැඟිටීම් දෙකකට මුහුණ දී තිබෙනවා. 1971 අරගලයේදී විසිදහසකට ආසන්න සහෝදර සහෝදරියන් පිරිසක් බෙලහීන ධනපති පන්තිය බිලිගෙන තිබෙනවා. 1988 – 89 වකවානුව තුළ අපේ පක්‍ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා, උපතිස්ස ගමනායක සහෝදරයා, සමන් පියසිරි ප්‍රනාන්දු සහෝදරයා ඇතුළු නායකයන් බොහොමයකුත්, සාමාජිකයන්, හිතවතුන්, අපට කෑම වේලක් දුන් අම්මලා පවා ඝාතනය කර තිබෙනවා. මරණය හමුවේ පවා මේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පාවා නොදුන් සාමාජිකයන්ගෙන් සමන්විත ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ.
රටේ නිදහස වෙනුවෙන් ජාතික සමඟිය, ජනතාවගේ සමානාත්මතාව, සාධාරණය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කිරීමට හැකි මිනිසුන් ගොඩනඟන ලද පක්‍ෂයක්. අදත් මේ පක්‍ෂයට නායකත්වය සපයන නායක මණ්ඩල කවුද? සෝමවංශ අමරසිංහ සහෝදරයා 1971 අත්අඩංගුවට පත්වෙලා අවු. 5කට වඩා කාලයක් අනේකවිධ වධ බන්ධනවලට මුහුණ දුන්නා. එහෙත් සමාජවාදය, පක්‍ෂයේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳකින්වත් බිඳ වැටුණේ නැහැ. ටිල්වින් සිල්වා සහෝදරයා 1987 අත්අඩංගුවට පත්වෙලා අවුරුදු 7කට වැඩි කාලයක් වධ කඳවුරුවල, සිරකඳවුරු වධ වේදනාවලට ලක්වෙමින් මේ පක්‍ෂයේ රතු ධජය බිම වැට්ට වීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යමින් තිබෙනවා. විජිත හේරත් සහෝදරයා අවු. 3කට ආසන්න කාලයක් වධ කඳවුරුවල ගාල් කරලත් මේ ව්‍යාපාරය සමඟ ඉදිරියට යන ගමන වළක්වන්න බැරි වුණා. ලාල් කාන්ත සහෝදරයා අවුරුදු 3කට අධික කාලයක් වධ කඳවුරුවල පක්‍ෂය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, රටේ ජාතික නිදහස වෙනුවෙන් අනේකවිධ වධ බන්ධනයන්වලට මුහුණදී තිබෙනවා. මෙතැන ඉන්න බොහෝ පිරිසක් ජීවිතය අහම්බෙන් බේරාගත් පිරිසක්. මෙතැන සිටින බෙහෝ අය වධ කඳවුරුවල වධ වේදනාවලට ලක්ව තිබෙනවා. මේ පක්‍ෂයට අප ආවේ සමාජවාදය වෙනුවෙන්. වැඩකරන්නෙත් සමාජවාදය වෙනුවෙන්. අප මැරෙන්නෙත් සමාජවාදය වෙනුවෙන්.
මේ පක්‍ෂය ඉතා පහළ මට්ටමේ මිනිසුන් මහා පෞරුෂයක් සහිත මිනිසුන් ලෙස ගොඩනඟා තිබෙනවා. අපි බොහෝදෙනා බලවත් පවුල්වල අය නොවේ. එවැනි මිනිසුන් මේ රටේ ජාතික නායකයන් බවට පත් කරලා තිබෙන්නේ කවුද? මහා පෞරෂයෙන් හෙබි මිනිසුන් බවට පත් කරලා තිබෙන්නේ කවුද? අපේ පක්‍ෂය ලාංකේය ධරණී තලයෙන් මකා දාන්න බැරි හැම අස්සක් මුල්ලක් නෑරම මුල් විහිදුවාගත් පක්‍ෂයක්. මහා මිනිසුන් ජීවිත පරිත්‍යාග කොට අනේකවිධ වධ බන්ධනයන්ට ලක්වෙමින් අනේකවිධ කැපකිරීම් සහ පරිත්‍යාගයෙන් තමයි මේ වෘක්‍ෂයේ මුල් හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවලා තිබෙන්නේ. පක්‍ෂයේ මුල් දුවපු නැති ආයතනයක්, අස්සක් මුල්ලක් නැති තරම්. මේ ව්‍යාපාරය ගොඩනැඟීමට සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි යැයි කියා විශ්වාස නොකරන දේවල් කරපු ව්‍යාපාරයක්. සාමාන්‍ය මිනිසුන්ට ජීවිත කාලය පුරාම මොන තරම් දක්‍ෂ වුණත් කරන්න බැරි දේවල් විනාඩියට, පැයට ඉටුකරන ශක්තිමත්ම ව්‍යාපාරයක් මේක. මේ ව්‍යාපාරය ධනපති පන්තියේ සතුරුම ව්‍යාපාරයයි. එය තමයි හොඳම නිර්ණායකය. ඡන්දයකින් පසු පසුබෑවා කියනවා. ජේ. වී. පී. එක අවසන් ගමන් යමින් තිබෙනවා කියනවා. එහෙත් ඡන්දය අවසන් වෙලා මාසයක් යන විට ධනපති පන්තිය මේ පක්‍ෂයට එරෙහිව කටයුතු කරන්න පටන් ගන්වා. මේක කැපකිරීම්, පරිත්‍යාගයන්, ධෛර්ය ඇති මිනිසුන් විසින් ගොඩනඟන ලද පක්‍ෂයක්. මේ ව්‍යාපාරය මුහුණදුන් අසීරුතම අභියෝගයන්වලින් ඕනෑවටත් වැඩියෙන් ඒ බව අත්දැකලා තියෙනවා. 1971දී දස දහසක් ඝාතනය කරලා විජේවීර සහෝදරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන මේ ව්‍යාපාරය මුලිනුපුටා දාන්න උත්සාහ කළා. එහෙත් පුළුවන්කමක් ලැබුණේ නැහැ.
88 – 89 දේශපාලන මණ්ඩලයේ සෝමවංශ සහෝදරයා හැර මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාම වාගේ මෙන්ම අපේ හිතවතුන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරලා මේ පක්‍ෂය මුලිනුපුටා දාන්න උත්සාහ කළා. එහෙත් දේශපාලන මණ්ඩලයේ අප්‍රතිහත ධෛර්ය ඇති එක් මිනිසෙක් ඉතිරි වුණා මේ ව්‍යාපාරය නැවත ගොඩනඟන්න. හිරකඳවුරු ඇතුළේ මේ ව්‍යාපාරය නැවත ගොඩනඟන මිනිසුන්ගෙන් පිරෙන්න පටන් ගත්තා. වනාන්තර තුළ මේ ව්‍යාපාරය ගොඩනැඟීමේ භක්තියෙන් යුතුව කටයුතු කරන්න පටන් ගත්තා. අධ්‍යාපන ආයතන ඇතුළේ කොහොමද මේ ව්‍යාපාරය නැවත ජයග්‍රහණය දෙසට ගෙනි යන්නේ කියන සාකච්ඡාව ඇති වුණා.
අපේ රටේ දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක් ආවා 1994දී. 94දී ලංකාවේ දේශපාලනය කඳවුරු දෙකකට බෙදිලා තිබුණා. එකක් එජාපය. අනෙක චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් මානුෂික මුහුණුවර. සියලු ජනයා කඳවුරු දෙකට බෙදෙන විට සාමාන්‍ය දේශපාලනය තේරුම් ගන්න අය චන්ද්‍රිකා මහත්මියගේ සම්ප්‍රාප්තිය ගැන අගනා වැකි ලියන කොට ඒ මොහොතේ අපට විශාල දේශපාලන භූමිකාවක් අත්පත් කරගන්න තිබෙනවා කියලා 94 මැතිවරණයට තරග කරන්න තීරණය කරනවා. ඒ තීරණය නිකන් ගත්ත එකක් නෙවෙයි. විශාල සාකච්ඡාවක් මේ රට තුළ තිබුණා. ඒ වෙලාවේ සෝමවංශ සහෝදරයා කිව්වා ඉල්ලන්න මිනිසුන් නැති නම් පොල්පිති හරි දාන්න අපිට 94 ඡන්දේ වැදගත් කියලා. ඒ අනුව තමයි එකතු වුණු පිරිස් එකිනෙකා නොහඳුනන පිරිස් බෝධිය අසල, බස් නැවතුම අසල හමුවෙලා එකිනෙකා හඳුනාගෙන නැවත සුහුඹුල් පක්‍ෂ ජාලය සෝමවංශ සහෝදරයා මූලිකත්වයෙන් අරඹන්නේ. 94න් පස්සේ අපට පැවරුණේ සුවිශේෂී කාර්යභාරයක්. ඒ වෙලාවේ අපි විවිධ වගකීම්වලට එනවා. අපි කවුරුත් වගකීම් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. අපිට අඳින විදිය, තැනකට ගිහින් කෑම කන විදිය, වෙනත් දේශපාලන නායකයන් සමඟ හැසිරෙන විදිය මේ සියල්ල කියලා දුන්නේ සෝමවංශ අමරසිංහ සහෝදරයා විදෙස්ගතව සිටියදී. පෑනෙන් අල්ලා කොළවල ලියන විට ඇඟිලි ගෙවෙනවා නම් සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ ඇඟිලි ගෙවිය යුතුව තිබුණා. දැනටත් අඩි දහයේ දහයේ කාමරයක භාගයක් පුරවන්න තරම් ෆැක්ස් පණිවුඩ තිබෙනවා. දේශපාලන හැම හැරවුමකදීම තීරණ ගන්න පක්‍ෂය මෙහෙව්වා. 94දී සතුරා මේ පක්‍ෂයේ නිල අයිතිය පැහැර ගන්න උත්සාහ කළා.
විදෙස් ගතව සිටිමින් පක්‍ෂයේ අයිතිය රැකගන්න මැතිවරණ කොමසාරිස්වරයාට විටින් විට නිල වශයෙන් ලියමින් සමහර විටක සැරට ලියමින් පක්‍ෂයේ අයිතිය නැවත පන්තියට තහවුරු කරන්න අපි නොහිතන වේලාවේ කටයුතු කෙළේය. සෝමවංශ සහෝදරයායි. මේ පක්ෂය හැමදාම අසීරු අවස්ථාවලදී නොවැළැක්විය හැකි ලෙස තනි තනි පුද්ගලයන්ට වගකීම් එනවා. ඉතාමත් වේගයෙන් එය සංවිධානාත්මක පක්ෂයක් බවට පත්කළ යුතුව තිබෙනවා. ඒ සඳහා දේශපාලන මණ්ඩලයක්, මධ්‍යම කාරක සභාවක් හරහා සාමූහික තීන්දු තීරණ ගන්න මේ පක්ෂය ව්‍යවස්ථාපිතව ස්ථාපිත කළ යුතුව තිබුණා. දැන් අපට ඒ ගොඩනඟන ලද පක්ෂය ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑමේ වගකීම පැවැරී තිබෙනවා. අපි කවුරුවත් වගකීම් ඉල්ලගෙන මේ පක්ෂයට ආවේ නැහැ. මේ පක්ෂයේ බොහෝ දෙනාගේ ආරම්භක කටයුත්ත වෙන්න ඇත්තේ පෝස්ටර් ඇලවීමයි. අපි හැමදෙනාම මේ පක්ෂයෙන් දෙන ඕනෑම වගකීමක් ඉටු කිරීමට බැඳී සිටින අය. ඒ වගේම හැම තීරණයක්ම සාමූහික තීරණ. හැම ක්‍රියාමාර්ගයක්ම සාමූහිකව ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ගයි. ඒ සාමූහිකත්වය තමයි මේ පක්ෂයේ ප්‍රබලම අවිය; ශක්තිය. ඉතින් මා වෙත පවරන ලද ඒ වගකීම සාමූහිකවත්, වගකීමෙන් යුතුවත් මේ පක්ෂයට ගොඩනැඟී තිබෙන මහා ගුණය ගොඩනැඟී තිබෙන ආධ්‍යාත්මය කුඩා ප්‍රමාණයකින් හෝ පලුදුවීමට ඉඩ නොතබා කටයුතු කරන බව මේ 7 වැනි ජාතික සමුළුවේදී මා ප්‍රකාශ කරනවා.
දැන් රටේ නීතිය රාජපක්ෂගේ කැමැත්ත බවට පත්වෙලා තිබෙනවා. රාජපක්ෂ කැමැති නම් ඔහු එළියේ නැත්නම් හිරේ. රාජපක්ෂ කැමැති නම් අගවිනිසුරු පුටුවේ අකැමැති නම් අගවිනිසුරු එළියේ. මෙවැනි තත්ත්වයකට අද රට ගෙනත් තිබෙනවා. ඒ නිසා හෘද සාක්ෂියක් තිබෙන මිනිසුන් විදියට සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන මිනිසුන් හැටියට රටට මේ විදියට තවදුරටත් යන්න දෙන්න එපා. මෙය වෙනස් කළ යුතුයි. ඒ වෙනුවෙන් යෝජනා අපි සම්මත කරගෙන තිබෙනවා.
අද ජනතාව තුළ විශ්වාසයක් අප ගැන ගොඩනැඟෙමින් තිබෙනවා. හැමතැනකම කියනවා ඔබලා තමයි කතා කරන්නේ. ඔබලා තමයි මොනවා හරි කරන්නේ. ඔබලා නිසා තමයි මේ විදියටවත් රට තිබෙන්නේ. ඔබලා විතරයි කෙළින් කතා කරන්නේ. ඔබලා විතරයි සටන් කරන්නේ කියලා හැම තරාතිරමකම මිනිසුන් කතා කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ ප්‍රවාහයට අපි කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? හැමදාමත් අපට ජයග්‍රහණ ගෙනත් දුන් හැමදාම අප ඉහළින් ඔසවා තැබූ ශක්තිමත්ම ජනතා සටන් මධ්‍යස්ථානයක් ගොඩනැඟිය යුතුයි. ශක්තිමත්ම මැතිවරණ පෙරමුණක් ගොඩනැඟිය යුතුයි. අප සමුළුවෙන් පිටත් වී යන්නේ ශක්තිමත් යෝජනා ගණනාවක් සම්මත කරගෙනයි. ඒ පමණක් නෙවෙයි මේ රට ගොඩනැඟීමේ අපේ දැක්ම. අපේ වැඩපිළිවෙළ අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ වැඩපිළිවෙළ මුළුමනින්ම සමන්විත වන්නේ නවීන සමාජවාදී සමාජයක මූලධර්ම මත පිහිටා ගොඩනඟන ලද වැඩපිළිවෙළක්. එහි අපේක්ෂාව ජනතාවාදී පාලනයක්.
කවදාවත් මේ රටේ පාලකයන් ජනතාවාදී පාලකයන් වුණේ නැහැ. එක්කෝ ගජමිතුරු පාලකයන් වුණා. එහෙම නැත්නම් සහෝදර පාලකයන්් වුණා. එහෙම නැත්නම් පවුල් පාලකයන් වුණා. එහෙත් ජවිපෙ මේ රටේ ගොඩනඟන්නේ ජනතාවාදී පාලනයක්. බහුතරයේ කැමැත්ත මත තීරණය වන පාලනයක්. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉතා වැදගත් සංශෝධන ගණනාවක් සිදුකළ යුතුව තිබෙනවා. රටේ මූලික නීතිය වෙනස් කළ යුතුව තිබෙනවා. මෙම විධායක ජනාධිපති ධුරය අතිශය ඒකාධිපතිත්වයෙන් පිරුණු ජනාධිපති ධුරයක්. එය වෙනස් කළ යුතුයි. ජේ.ආර්. ජයවර්ධන කිව්වා පිරිමියෙක් ගැහැනියක් කරන්න පමණයි විධායක ජනාධිපති ක්‍රමයට බැරි කියලා. එහෙත් වර්තමාන පාලනය ඒකත් කරලයි තිබෙන්නේ. මෙවැනි ඒකාධිපති ව්‍යවස්ථාවක් රටට අවශ්‍යද? බහුතරයගේ කැමැත්තෙන් බහුතරයගේ වුවමනාව වෙනුවෙන් මෙහෙයවන පාලනයක් අපට ඕනෑ. එය අද නිර්ධන පන්තියේ මිනිසුන්ගේ වුවමනාව පමණක් නොව මැද පන්තියේ අඳෝනාවත් ඒකයි. ව්‍යාපාරිකයන්ගේ අඳෝනාවක් ඒකයි. ඔවුන් අද කියන්නේ මේ පාලනයත් සමඟ ආර්ථිකයට, නීතියේ සාධාරණත්වයට, ජාතික සමඟියට, ජනතාවගේ අයිතියට ඉස්සරහට යන්න බැහැ කියලා. සටන බවට පත්වෙලා තිබෙන්නේ මේ පාලනය පරාජය කර ජනතාවාදී පාලනයක් ගොඩනැඟීමයි. ඒ සඳහා මූලික වැඩපිළිවෙළ අප ඉදිරිපත් කර තිබෙනවා.
අපේ රටේ වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසීයකට ආසන්න ප්‍රමාණයක භූමි ප්‍රමාණයකින් යුතු රටක්. වනාන්තරවලට සහ ජලාශවලට අත්හැරිය විට ඉතිරි වන්නේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක්. ඒ නිසා අපේ රට මහා ගොවිපොළ හරහා සංවර්ධනය කරන්න බැහැ. අපේ රටේ කෘෂිකර්මාන්තය කාර්මීකරණය හරහා ගෙන ආ යුතුයි. මැණික්, මිනිරන් අපේ ආර්ථිකයට අතුරු සාධකයක් පමණයි. ප්‍රධානම මෙවලම මොකක්ද? ඕස්ට්‍රේලියාවේ ජන ගනත්වය වර්ග කි.මී. මිනිසුන් 4යි. ඇමෙරිකාවේ 34යි, ඉතාලියේ 197යි, චීනයේ 144යි. ලංකාවේ 323යි. අපි විශාල ජන ගනත්වයකින් හෙබි රටක්. අපේ රටේ සම්පත මොකක්ද? මිනිස් සම්පතයි. අපේ රට ගොඩනැඟිය හැක්කේ උසස් මානව සම්පතෙන්. ඒ වෙනුවෙන් අපේ පාලනයකදී වැඩියෙන්ම මුදල් පොම්ප කරන්නේ අධ්‍යාපනයට හා සෞඛ්‍යයටයි.
මහින්ද මහත්තයා හිතනවා මේ රට ගොඩනැඟිය හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන් කියලා. ඒ නිසා වැඩියෙන්ම සල්ලි වෙන් කරන්නේ පාරවලට සහ හෝටලවලටයි. මොකටද? සුද්දන්ට ඉන්න හෝටල් ඕනෑ. ගැස්සෙන්නේ නැතිව යන්න පාරවල් ඕනෑ. සංචාරක ව්‍යාපාර ර¼දාපවතින්නේ විනෝදාස්වාදය මතයි. සංචාරකයන්ගෙන් 80%ක් එන්නේ විනෝදාස්වාදය සඳහා. එය ර¼දාපවතින්නේ සූදුව. ගණිකාව, මත්ද්‍රව්‍ය මත. ඒ නිසා සුදූව තිබෙන, මත්ද්‍රව්‍ය තිබෙන ගණිකාවන් ඉන්න රටක් රාජපක්ෂලාට ඕනෑ. ඒ තුනම තිබෙන තැන තමයි කැසිනෝ. මත්ද්‍රව්‍ය ඕනෑ නම් රටේ අගමැතිතුමාම ගෙනත් දෙනවා. සූදුව, මත්ද්‍රව්‍ය ඒ ගොල්ලන්ගේ. ගණිකා වෘත්තියේ යෙදෙන්නන් දෙන්න ඕනෑ කවුද? ලක්ෂ්මන් යාපාගේ දරුවෝ ඒකට එන්නේ නැහැ. එස්.බී.ගේ දරුවන් එන්නේ නෑ. ඒ වෘත්තියට දරුවන් දෙන්න වෙන්නේ අපේ රටේ අම්මලා තාත්තලාට. මහින්ද මහත්තයාගේ ආර්ථික සැලැස්ම එන්නේ එතැනටයි. මහින්ද මහත්තයාට අධ්‍යාපනය ඕනෑ නෑ. ඒ නිසා අධ්‍යාපනයට මුදල් කපනවා.
හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ගොඩනඟන්නේ උසස් මානව සම්පතක්. අපිට උසස් මිනිසුන් ඕනෑ. අපි අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පත්කරනවා. ව්‍යවස්ථාවේ මූලික අයිතියක් බවට පත් කරනවා. හැම දරුවකුටම පාසලක් දෙන එක ආණ්ඩුවක්.

No comments

Powered by Blogger.