Header Ads

සූක්ෂම වීඩියෝ කැමරා

ඉතා සූක්ෂම වීඩියෝ කැමරාවක් යොදා ගනිමින් රෝහල් වැසිකිළියක් තුළ සිදුවන දේ රහසිගතව රූගත කළ වෛද්‍යවරයෙකු පිළිබඳ පුවතක් පසුගියදා අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා විය. විශේෂයෙන් කාන්තාවන් අතිශයින් කළඹවන පුවතක් බවට පත් වූයේ කිසිවෙකු හෝ නොදැන ඒ ආකාරයේ සිදුවීම් තව
කොතෙක් නම් සිදුවනවා ඇතිදැයි යන පැනයත් සමගය. හදිසි අවශ්‍යතාවයකට හෝ එවැනි ‍පොදු ස්ථානයකට යාමට චකිතයක් දනවන තරමට එම සිද්ධිය ප්‍රබල විය.
කලකට පෙර ද ඒ ආකාරයේ සිදුවීමක් ගම්පහ ප්‍රසිද්ධ රෙදි වෙළෙඳසලක් තුළදීද සිදුව තිබූ බව අනාවරණය වූයේ එය සිදු කළා යැයි පවසන වෙළෙඳස‍ලේ හිමිකරුවා ඝාතනය වීමත් සමග එහි සුලමුල සොයා ගිය අවස්ථාවේදීය. නමුත් එම සිදුවීමේ යථා ස්වරූපය තවම වාර්තා වී නැත.
දැනට හෙළිදරව් වී ඇත්තේ ඒ ආකාරයේ සූක්ෂ්ම කැමරා Pinhole Camera ආදිය මගින් ෆිට්ඕන් රූම් (fit on room Trial room) වැසිකිළි ආදිය තුළදී අතිශය පෞද්ගලික ක්‍රියාවන් හා විශේෂයෙන් කාන්තාවන්ගේ නිරුවත රහසිගතව නැරඹූ සිද්ධීන්ය.
තවමත් අප රටේ නීතිය හමුවට ගොස් නැතත් ලොව වෙනත් රටවල දෙපැති කණ්ණාඩි (Two way Mirrors) කරගෙන සිදුකරන ඒ ආකාරයේම ක්‍රියාවන් අපමණය. තවම අපේ රට තුළ හෙළිදරව් නොවූවද දැනටමත් ඇතැම් සාප්පු ආදියේ ඒ ආකාරයේ දෙපැති කණ්ණාඩි යොදා ගනිමින් එවැනි ක්‍රියාවන් සිදුනොවේ යැයි කිව නොහැක. එමෙන්ම මෙය දෙපැති කණ්ණාඩි පිළිබඳව හොඳින් දන්නා අයෙකුට හැර හඳුනා ගැනීම පහසු නොවන සූක්ෂ්ම දෙයක් වීම ද විශේෂත්වයකි. 
වෙනත් රටවල අපරාධ පරීක්ෂණ කටයුතු සඳහා මෙම කණ්ණාඩි විශේෂය යොදා ගැනෙන බවට වාර්තා වේ. ඕනෑම දෙයක් හොඳට මෙන්ම නරකටද යොදා ගන්නවූත් සුලබ ලොවක මෙම දෙපැති කණ්ණාඩියද අනුන්ගේ නිරුවත නැරඹීමෙන් විනෝදවන්නවුන් තම පහත් ආශ්වාදය සඳහා යොදා ගෙන තිබේ. ඉතා මිල අධික කණ්ණාඩියක් වන මෙම දෙපැති කණ්ණාඩිය බැලූ බැල්මට අප හැඩවැඩ බලන සාමාන්‍ය කණ්ණාඩියකි. කණ්ණාඩිය ඉදිරිපිට දී අපේ ප්‍රතිබිම්බය පමණක් ඉතා හොඳින් දර්ශනය වීම ඉතා හුරු පුරුදු කණ්ණාඩියකි. එහෙත් මෙම දෙපැති කණ්ණාඩියේ ඇති විශේෂත්වය වන්නේ එම දෙපැති කණ්ණාඩිය ඉදිරියේ සිටින අයෙකුගේ පෙනෙන සම්පූර්ණ ප්‍රතිබිම්බයම කණ්ණාඩියේ අනෙක් පසින් සිටින කෙනෙකුට ද ඉතා හොඳින් දැකගත හැකි වීමයි. එහෙත් කණ්ණාඩිය ඉදිරියේ සිටින අයට කෙසේවත් තමන්ව වෙනත් පාර්ශ්වයකට දර්ශනය වන බවක් නොපෙනෙයි. ඒ අනුව ඇඳුම් මාරුකරන කුටියක (fit on room) එසේත් නැතිනම් හෝටල් කාමරයකදී වුවද තමන්ව කිසිවෙකුගේ නෙත නොගැටෙනවා ඇතැයි යන විශ්වාසය මත ඉතා නිදහසේ හැසිරීමට කෙනෙකු පෙළඹේ. එහෙත් යම් ස්ථානයක පෙරකී ආකාරයේ දෙපැති කණ්ණාඩියක් සවිකර ඇත්නම් එහි අනෙක් පස සිටින කෙනෙකුට චිත්‍රපටයක් නරඹනවා මෙන් එම කුටිය හෝ කාමරය ඇතුළත සිදුවන සියල්ල ඒ අයුරින්ම නැරඹීමට හැකියාව ලැබේ. මෙහිදී දෙපැති කණ්ණාඩිය අනෙක් පැත්තේ යමකු පෙනී සිටීමේ මෙන්ම අනික් පස සවි කළ වීඩියෝ කැමරා මගින් එම නිරුවත් දර්ශන ඩැහැ ගැනුණු අවස්ථාවන් පිළිබඳවද වාර්තා වේ.
දෙපැති කණ්ණාඩියක් (Two way mirror) සවිකර ඇති දැයි හඳුනා ගන්නේ කෙසේද ?
බැලූ බැල්මට අපහසු වුවද දෙපැති කණ්ණාඩියක් හඳුනාගැනීමට හැකි එක් උපක්‍රමයක් වේ. ඒ අනුව අපට යම් සැකයක් ඇති ස්ථානයක සවිකර ඇති කණ්ණාඩියක් මත මෙම රූපසටහනේ දැක්වෙන අන්දමින් ඇඟිල්ල තැබූ විට එම කණ්ණාඩිය සාමාන්‍ය එකක් ද නැතහොත් ඇතුළත වන සියල්ල පිටතට දර්ශනය වන දෙපැති කණ්ණාඩියක් දැයි හඳුනා ගත හැකිය.
ඒ අනුව කණ්ණාඩිය මත ඇඟිල්ල තැබූ විට සාමාන්‍ය භාවිතයේ ඇති කණ්ණාඩියක් තුළින් පෙනෙන ඇඟිල්‍ලේ ප්‍රතිබිම්බය සහ සැබෑ ඇඟිල්ල අතර ඉතාම කුඩා අවකාශයක් දැකිය හැකිය. ඒ කණ්ණාඩියේ පිටත ආ‍ලේප කර ඇති රසඳිය ආ‍ලේපනයේ ඝණත්වය දැක්වෙන ඉඩ ප්‍රමාණයයි. එහෙත් දෙපැති කණ්ණාඩිය මත ඇඟිල්ලක් තැබූ විට පෙර කී ආකාරයේ හිඩැසක් නැතිනම් අවකාශයක් කිසිසේත් දර්ශනය නොවේ. ඇඟිල්ල සහ ප්‍රතිබිම්බය එකිනෙක ඉතා හොඳින් ගැටෙන නැතහොත් එකිනෙක ස්පර්ශ වන බවක් දැක ගත හැකිය.
දැන් දැන් රට තොට සිදුවන දේ ‘සූදානම් ශරීරයෙන්’ යැයි කියා සාප්පුවක, හෝටල් කාමරයක ඇති සැකකටයුතු කණ්ණාඩියක් මත ඇඟිල්ල තබා පළමු කොටම සැක හැර ගැනීම ඇඟට ගුණ යැයි පැවැසිය යුතුය.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න 

No comments

Powered by Blogger.