මෝඩයා සහ ලෙඩා
ඔන්න එක මානසික රෝහලකට ආපු අමුත්තෙක්
තමන්ගේ වාහනේ රථ ගාලේ නවත්වලා රෝහලට ගිහින් එනකොට ඒකේ එක රෝදෙක හුළං ගිහින්. දැන් ඉතින් මොකද කරන්නේ, මිනිහා වාහනේ තිබුණු ස්පෙයාවීල් එකත් ළඟ තියාගෙන අර හුළං බැහැපු රෝදෙ ගලවන්න පටන් ගත්තා.මෙහෙම ගලවලා ඒක වාහනෙන් ඉවත් කරන කොටම මෙන්න ඊට කළින් ගලවලා පැත්තකින් තිබ්බ මුරිච්චි හතරම එතන තිබුණු කාණුවට වැටුණා. ඒක රෝහලේ අපද්‍රව්‍ය සහිත ජලය ගලාගෙන යන කාණුවක්. ඒ වගේම වතුරේ අපිරිසිදුකම හින්දා පතුල පේන්නෙත් නැහැ. දැන් අමුත්තා නිකටට අතකුත් තියාගෙන මොකක්ද කරන්නේ කියලා දහ අතේ කල්පනා කරනවා,
එතකොටම එතැනින් යන්න ආපු රෝගියෙකුට තේරුණා අමුත්තා වැටිලා ඉන්න කරදරේ.
“මං දෙන්නම් සර් ඕකට පුංචි උපදෙසක්. සර්ට පහසුවෙන්ම පුළුවන්නේ වාහනේ අනිත් රෝදවලින් එක මුරිච්චිය ගානේ ගලවලා ඔය රෝදෙ හයි කරගන්න. ඊට පස්සේ බොහොම හිමින් මෝටර් ස්පෙයා පාට්ස් කඩේකට ගිහින් මුරිච්චි හතරක් අරගෙන ඒවා රෝද හතරට හයි කරගන්න පුළුවන්. එතකොට අර වැඩේ ඉවරයි
එහෙම කිව්වා විතරයි රෝගියා අර අමුත්තට සන්තෝසෙ ඉහිලුම් නැහැ.
“මට නම් පුදුමෙනුත් පුදුමයි ඔහේ වගේ ලෙඩෙකුට ඔච්චර හොඳ මොළයක් තියන එක ගැන”
අමුත්තා ඒ සතුට අතරින්ම කිව්වා.
“මම ලෙඩෙක් නම් තමයි සර්.”
ඒ රෝගියා අර අමුත්තාට තවත් ටිකක් කිට්ටු වුණා.
“ඒත් සර් වගේ මෝඩයෙක් නෙවෙයි.”
No comments