Header Ads

interview එක

යහළුවන් 2 දෙදෙනෙකු interview එකකට ඇප්ලයි
කරන ලදී මින් එක්කෙනෙකු යමක් ඉගෙන ගත් කෙනෙකි අනෙක් කෙනා තරමක මෝඩයෙකි මුලින්ම මොවුන් 2 දෙදෙනාට ලියුම පැමිණි අවස්ථාවේදී සිදු වූ කතා බහ(ඉගෙන ගත කෙනා සමන්ද මෝඩ කෙනා නිමල්ද බව සලකන්න )
සමන්-ආහ මචන් කොහොමද?
නිමල්- හොඳයි බන් දන්නවද මට ජොබ් එකට එන්න කිවුව මේ ලියුම එවලා
සමන්-ඔය ජොබ් එකට එන්න නෙමෙයි බන් interview එන්න කියල
නිමල්-ආහ ඇත්තද එකේදී මොනාද බන් කරන්නේ?
සමන්- මුකුත් න ප්‍රශ්න අහනවා විතරයි මටත් අව මං නම් ලෑස්තියි ඕනෑම ප්‍රශ්නෙකට
නිමල්-අනේ එහෙමද එහෙනම් වැඩක කරපන් උඹ ඉස්සෙල්ල පලයන් ගිහින් ඒ ඇහුව ප්‍රශ්න ටිකට උත්තර මට කියල දියන්කෝ බන්
සමන්-ඕක සුළු දෙයක්නේ අපි හමු වෙමු interview එක දවසේ——–
සමන් ගිහින් එන තුරා බල සිටින නිමල් සමන් එලියට ආව සැනින් ඔහුගේ ප්‍රශ්න ගැන විමසුවේය
නිමල්-මොනාද බන් ඇහුවේ මට පිළිවෙලට කියල දියන්
සමන්-අයිඕ බය වෙන්න එපා ප්‍රශ්න 3 යි ඇහුවේ මෙන්න මේකයිපලවෙනි ප්‍රශ්නේ -ලංකාවට නිදහස ලැබුනේ කවදාද නිමල්-ඉතින් සමන්-ඉතින් මං කිවුව 1818 ඉඳං වරින් වර උත්සාහ කරා හරියටම 1948 පෙබරවාරි 4 කියල
නිමල්-ආහ හරි
සමන්-2 වෙනි ප්‍රශ්නේ වැඩියෙන්ම ජනප්‍රිය කවුද?
නිමල්-ඇත්තටම කවුද බන්?
සමන්-ඉතින් මං කිවුවා ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා මේ දවස් වල නම් ඔබ තුමා කියල
නිමල්-ආහ ඒකත් හරි අනිත් ඒක?
සමන්-අනිත් ඒක තමයි ලංකාව අසමත් රාජ්‍යක්ද කියල ? නිමල්-ඉතින් සමන්-ඉතින් ඉතින් නෙමෙයි බන් මං කිවුවා ඒක හරියටම කියන්න බෑ මේ දවස වල ඒ ගැන පරීක්ෂණ පවත්වා ගෙන යනවා ළඟදීම එකට උත්තර හම්බ වේවි කියල
නිමල් ඉන්ටෙර්ව් එකට යයි
එහි ලොක්ක නිමල්ගේ තොරතුරු සහිත ෆයිල් ඒක බලන ගමන ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය
ලොක්ක-තමුන් නිමල් නේද?හොඳයි දැන් කියන්න බලන්න නිමල් ඉපදුනේ කවදද?
නිමල්-1818 ඉඳං වරින් වර උත්සාහ කරා හරියටම 1948 පෙබරවාරි 4 ලොක්කා -
මොකක්?ඒ මොන කුණු හරුපයක්ද?කියනව බලන්න තමුසෙගෙ තාත්ත කවුද?
නිමල්-ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා මේ දවස වල නම් ඔබ තුමා ලොක්ක-මොකද්ද යකෝ ඒ කතාවේ තේරුම තමුසෙට පිස්සුද නැත්නම් මට පිස්සුද?
නිමල්- ඒක හරියටම කියන්න බෑ මේ දවස වල ඒ ගැන පරීක්ෂණ පවත්වා ගෙන යනවා ළඟදීම එකට උත්තර හම්බ වේවි
ජොබ් කෙසේ වෙතත් ඔහුට බෙහෙත් ගැනීමට යන්නට වුයේ රෝහලක ඇඳකට බව සැලවුනි..
[highlight] මෙය ඩිමල්ෂ ලංකානාත් විසින් ෆේස්බුක් හරහා අපට එවන ලද්දකි. [/highlight]
ඔබ දන්න රස කතාවත් යුනිකෝඩ් වල ටයිප් කර info@lankatouch ඊමේල් ලිපිනය ඔස්සේ හෝhttps://www.facebook.com/lankatouch  අපගේ ෆේස්බුක් පිටුව හරහා එවන්න.

No comments

Powered by Blogger.