Header Ads

ලංකාවේ ගණිකාවෝ 35000 – 47000 ක් ?

කාන්තා ලිංගික  ශ්‍රමිකයින්  35000 – 47000 ක් අතර 
ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ වෙසෙන බවටත් ඔවුන් දිනකට අවම වශයෙන් සහකරුවන් 70000 – 94000 ක් අතර ප්‍රමාණයක් ඇසුරු කරනු ඇති බවටත්  ලිංගාශ්‍රිත රෝග හා එච් අයි වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ  දර්ශණි විජේවික්‍රම මහත්මිය පවසයි.
එච් අයි වී අසාදනයට ලක් වු ආකාරය පිරික්සීමේදී විෂම ලිංගික  සම්බන්ධතා  හේතු වී ඇති බවත් එහිදී මෙම කාන්තා  වෘත්තිකයන්  අධි අවධානම් කණ්ඩායමේ ඉදිරියෙන්  සිටින බවද ඇය පෙන්වා දෙන්නීය.
‘ලෝකයේ සමස්ත එච් අයී වී ආසාධිත  සංඛ්‍යාව තුන්කෝටි  හතලිස් ලක්ෂයක්  පමණ වන බවට  මේ වන විට ඇස්තමේන්තු  කොට තිබෙනවා.2011 වර්ෂයේදී පමණක් දිනකට  නව ආසාදන 7000 ක් ඉක්මවා  තිබෙනවා.මෙම පිරිසෙන් සියයට අනු හතක්ම අයත් වන්නේ අඩු හා මධ්‍යම  ආදායම් ඇති රටවලටයි.
ගිනිකොන ආසියා කළාපයේ එච් අයි වී ආසාධිත මිලියන 2.5 යි 2001 වර්ෂයේදී  ආසාදිත සංඛ්‍යාවට වඩා  7000000 ක අඩු වීමක්. එහෙත් ඉන්දියාව ,ශ්‍රී ලංකාව,බංගලාදේශය ,පිලිපීනය,ඉන්දුනීසියාව වැනි රටවල එච් අයි වී ආසාදන ඉහළ යමින් පවතිනවා.‘
ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ වෛද්‍ය මංජුලා රාජපක්ෂ  මහත්මියද පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්ධන සායනයේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී නිහාල් ජයවීර එම වෛද්‍ය සායනයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී ඒ ඩී සී ඩී බාලචන්ද්‍ර යන මහත්වරුද කතා කළහ.

No comments

Powered by Blogger.