Header Ads

දරුවන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වු පියාට ඇප

අසභ්‍ය වීඩියෝ චිත්‍රපට තම දරුවන්ට නැරඹීම සඳහා නිවසේදී ප්‍රදර්ශනය කිරීම සහ එසේ ප්‍රදර්ශනය කොට දරුවන් නොමගට යෑවීම සම්බන්ධයෙන් චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ පසුවූ දෙදරු පියකු රුපියල් 5000 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට නියෝග කළ මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් දුලානි එස්‌. වීරතුංග මහත්මිය එම දරු දෙදෙනා පියාගේ භාරකාරත්වයෙන් මුදවා ඔවුන්ගේ ලොකු අම්මාට භාරදීමට නියෝග කළේය.
මීගමුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප නියම වූ සැකකාර පියා වූයේ මීගමුව උතුරු කදිරාන රවිරංජිත් ගම්මානයේ පදිංචි ප්‍රදීප් සම්පත් නමැති දෙදරු පියෙකි.
එම සැකකරුට එරෙහිව අධිකරණය වෙත මීගමුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනිය වන කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා මාලනී මහත්මිය විසින් ගොනු කළ පැමිණිල්ල අනුව මෙම සිද්ධියට අදාළ දරුවන්ගේ මව විදේශගතව සිටී. දරුවන් භාරව සිටියේ මෙහි සැකකරු වන පියා භාරයෙහිය.
මෙම දරුවන් දෙදෙනාගෙන් බාල දියණියවූ 10 හැවිරිදි ශිෂ්‍යාවට ඇගේ සහෝදරයාගෙන් සහ තවත් කාන්තාවකගෙන් අතවර සිදුවන බවට ලත් තොරතුරු අනුව මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ පී. ඒ. ඩී. ජූඩ් සුනිල් මහතා විසින් ඒ බව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කොට ඇත.
මෙම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් එම දරු දෙදෙනා පදිංචි නිවස පරීක්‍ෂා කළ අවස්‌ථාවේ මෙහි සැකකාර පියා විසින් ළඟ තබාගෙන සිටි අසභ්‍ය වීඩියෝ චිත්‍රපට (නිල් චිත්‍රපට) අත්අඩංගුවට ගෙන ඇත.
තවදුරටත් සිදු කළ විමර්ශනවලදී මෙහි සැකකාර පියා නිවසේදී දරුවන් හමුවේ එම නිල් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම නිසා දරුවන් නොමඟට යොමුවී ඇති බව හෙළි විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 ජනවාරි මස 24 වැනි දින පැවැත්වේ.

No comments

Powered by Blogger.