දැරියට අතවර කර රුපියල් 20ක් දීලා !

අතවරයට ලක්ව ඇත්තේ සාලියවැව පොලිස් වසමේ යාය 08 පදිංචි සිටින දැරිවියකි. පසුගි
ය ජුලි මස 15 වැනි දින මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි.සිද්ධිය වු දින නිවසේ සිට ඇත්තේ දැරිවිය පමණකි.එම අවස්ථාවේ ඇගේ නිවසට පැමිණ ඇති සැකකරු අපරාධය සිදු කර දැරිවියට මුදල් රුපියල් 20 ක් ද දී මේ බව කිසිවෙකුටත් නොකියන ලෙස පවසා පිටත්ව ගොස් ඇත.
තමන් මුහුණ දුන් අත්දැකීම දැරිවිය තම පාසල් මිතුරියකට පවසා ඇත. එම දැරිවිය මේ බව ඇයගේ මවට පවසා ඇත.එම මව විසින් මේ සම්බන්ධයෙන් අතවරයට පත්ව ඇති දැරිවියගේ මවට පවසා ඇත.ඉන් පසුව තම දියණියගෙන් විස්තර දැන ගෙන ඇති ඇයගේ මව්පියන් මේ බව පොලීසියට දන්වා ඇත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. සාලියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
-ලක්බිම
No comments