Header Ads

මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා

ඇමෙරිකා ගියපු අපේ පොරක් බාර් එකේ පොඩි
ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඇමෙරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.ටික වෙලාවක් කතා කර කර හිටපු දෙන්න අතර ‍ෆිට් එකක් ඇති උනා.
අපේ එකා:-”ඔයා දන්නවද???අපේ අම්මයි තාත්තයි ගෙදරින් එලියට බැහැලා නැති…මම එකම එක දවසක් දෙකපු කෙල්ලෙක්ව බන්දලා දුන්නා.ඒකි ආදරේ තියා මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ..”
ඇමෙරිකන් කාරයා:-”ඔහේ මගුලක් කතා කරනවා.ආදරේ කොරල කරන මගුල් ගැන.මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා මිනිහා මැරිච්ච ගෑනියෙක්. ටික කාලෙකට පස්සේ අපේ තාත්තා මේ ගෑනිගේ දුවත් එක්ක යාලු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා.”
“දැන් තාත්තා මගේ බෑනා..මං තාත්තගේ මාමා.තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා.මගේ ගෑනි මගේ ආච්චී.”
“ප්‍රශ්නේ තවත් වැඩි උනා මටයි ගෑනිටයි පුතෙක් ලැබුනම.මගේ පුතා මගේ තාත්තගේ මල්ලී ඒ නිසා පුතා මගේ බාප්පා.”
“තත්වේ තවත් දරුණු උනේ අපෙ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී.”
“බලාගෙන ගියාම යකෝ මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා..උබ මේ පවුල් ප්‍රශ්න කතා කරනවා.”
ඉදිරියට රසකතා ගොඩක් අප ඔබට ඉදිරියට ඉදිරිපත් කරන්නට සූදානම්. ඒ නිසා දැන්ම අපේ ෆේස් බුක් පිටුව ලයික් කරන්න.

No comments

Powered by Blogger.