ඩුප්ලේසී - මිලර් දකුණු අප්‍රිකාව ගොඩගනිති.
දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී අද (01 වැනිදා) ආරම්භ වූ දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ඕවර 40 ක් අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 217 ක් රැස්කර සිටියේය. ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය 5.42 ක් ලෙස රඳවා ගැනීමට දකුණු අප්‍රිකා පිතිකරුවෝ සමත්වූහ.
ෆෆ් ඩුප්ලේසී ලකුණු 102 ක් සහ ඬේවිස් මිලර් ලකුණු 62 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර පස්වැනි කඩුල්ල සදහා ලකුණු 109 ක් සම්බන්ධතාවයක්ද පැවැත්විමට සමත්වූහ. ශ්‍රී ලංකාවට එරෙහිව පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ හොදම සම්බන්ධතාවය මෙය වන අතර මීට පෙර පස්වැනි කඩුල්ල සදහා පැවැති හොදම සම්බන්ධතාවය ලෙස පැවැතියේ නීල් මැකෙන්සී සහ මාර්ක් බවුචර් විසින් පැවැත්වූ ලකුණු 100 ක සම්බන්ධතාවයයි.
දකුණු අප්‍රිකාව | |||
හසිම් අම්ලා - ක.මු.කළා ප. ලක්මාල් | 15 | ||
ක්වින්ටන් ඩිකොක් - ඇ. ලක්මාල් ප. ධනංජය | 17 | ||
ෆෆ් ඩූ ප්ලේසී - ඇ. මෙන්ඩිස් ප. කුලසේකර | 105 | ||
ඒ.බී. ඩිවිලියර්ස් - ඇ. චන්දිමාල් ප. සඳකැන් | 3 | ||
ජේ.පී. ඩුමිනි - ඇ. ධනංජය ප. පතිරණ | 11 | ||
ඬේවිඞ් මිලර් - නොදැවී | 117 | ||
ක්‍රිස් මොරිස් - ඇ. මෙන්ඩිස් ප. ලක්මාල් | 26 | ||
වේන් පානෙල් - නොදැවී | 2 | ||
අතිරේක (පා-5, ව-6) | 11 | ||
එකතුව ඕවර 50 කදී කඩුලු 6ක් දැවී | 307 | ||
කඩුලු වැටීම | |||
1-19 (අම්ලා), 2-65 (ඩිකොක්), 3-71 (ඩිවිලියර්ස්), 4-108 (ඩුමිනි), 5-225 (ඩූ ප්ලේසී), 6-285 (මොරිස්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ඇන්ඞ්ල් පෙලුක්වායෝ, කගිසෝ රබාඩා සහ ඉම්රාන් තහීර් | |||
පන්දු යැවීම | |||
නුවන් කුලසේකර | 10-0-76-1 | ව-1 | |
සුරංග ලක්මාල් | 7-0-54-2 | ව-3 | |
ධනංජය ද සිල්වා | 8-0-42-1 | ||
චතුරංග ද සිල්වා | 4-0-23-0 | ||
ලක්ෂාන් සඳකැන් | 10-0-51-1 | ව-1 | |
සචිත් පතිරණ | 4-0-19-1 | ||
අසේල ගුණරත්න | 7-0-37-0 |
ලකුණු 63 ක් ලබාසිටියදී ස්ලිප්හී පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට දුන් උඩපන්දුවක් අතහැරීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව හිමිවූ ෆෆ් ඩුප්ලේසී පන්දු 113 කදී සිය 7 වන එක්දින ශතකය සම්පූර්ණ කරගැනිමට සමත්විය.
නවවැනි එක්දින අර්ධ ශතකය පන්දු 54 කදී ලබාගැනීමට ඬේවිඞ් මිලර් සමත්විය.
සචිත් පතිරණගේ පන්දුවලට අසීරුවෙන් පහරදුන් ජේ.පී. ඩුමිනි පීඩනයෙන් මිදීම සදහා ඉදිරියට පැන පහරක් ගැසීමට යාමේදී ධනංජය ද සිල්වා රැකගත් උඩපන්දුව හේතුවෙන් ලකුණු 11 කට සිය ඉනිම අවසන් කරගැනීමට ඔහුට සිදුවිය. ජේ.පී. ඩුමිනි දැවීයන විටදී සිව්වන කඩුල්ල සදහා ෆෆ් ඩූ ප්ලේසී සමගින් එක්ව ලකුණු 37 ක සම්බන්ධතාවයක් පවත්වා තිබුණි.
දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවා ලෙස විරුදාවලිය ලත් නායක ඒ.බි. ඩිවිලියර්ස් වේලාසනිම නැවතත් ක්‍රීඩාගාරය වෙත යැවීමට ලක්ෂාන් සඳකැන් සමත්විය. ලකුණු තුනක් ලබාසිටියදී දිනේෂ් චන්දිමාල් අතට උඩපන්දුවක් දෙමින් ඩිවිලියර්ස් දැවීයන විට ලකුණු 71 කට කඩුලු තුනක් ලෙස ලකුණු පුවරුව දිස්විය.
ෆෆ් ඩූ ප්ලේසී සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ක්වින්ටන් ඩි’කොක් විසින් ධනංජය ද සිල්වාගේ පන්දුවකට ගැසූ වේගවත් පහරකින් ඉහළගිය අපහසු උඩපන්දුවක් දෑතේ හිරකරගත් සුරංග ලක්මාල්ගේ දක්ෂ පන්දු රැකීමක නිරත විය.
ලකුණු හයක් ලබාසිටියදී සුරංග ලක්මාල් යැවු පන්දුවකට ඔහු අතටම ලබාදුන් උඩපන්දුවක් අතහැරීමෙන් හසීම් අම්ලාට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටිමේ වාසනාව හිමිවිය. එසේ වුවද ලක්මාල් යැවු ඊළඟ ඕවරයේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව හසීම් අම්ලා ලකුණු 15 කට දැවී ගියේය.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් පසුගිය තරගයේදී ක්‍රීඩා කළ සඳුන් වීරක්කොඩි සහ ජෙෆ්රී වැන්ඩර්සේ වෙනුවට චතුරංග ද සිල්වා සහ සචිත් පතිරණ කණ්ඩායමට එක්වූහ. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අද තරගයට සහභාගී වෙති.
වසර දෙකකට වැඩි කාළයක් ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩාකර නොමැති චතුරංග ද සිල්වා 2014 වසරේ නොවැම්බර් මස ඉන්දියාවට එරෙහිව අවසන් වරට ක්‍රීඩා කර ඇත.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
No comments