Header Ads

YAHOO ට සමුදී ALTABA එයි


ලබන සදුදා සිට YAHOO සමාගම ALTABA ලෙස වෙනස් අකරනු ඇතැයි වාර්ථා වෙයි .

‍YAHOO  සමාගම සිය වත්කම් ඩොලර් බිලියන 4.83ට වෙරයිසන් සමාගමට අලෙවි කිරීම මෙයට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ ගණුදෙනුව අවසන් වීමෙන් පසුව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මෙරිසා මේයර්ද සිය ධුරයෙන් ද ඉවත්ව තිබෙනවා.

ඇය සමඟ තවත් අධ්‍යක්ෂවරු පස් දෙනෙකු ඉවත්ව ඇති අතර ඉතිරි අධ්‍යක්ෂවරුන් ALTABA හා රැදෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ALTABA සමාගමේ කොටස්වලින් 15%  ක්   චීන අලිබබා සමාගමට අයත්වෙයි.

කෙසේ වුවත් මෙම නාමය වෙනස් කිරීම ගැන බොහෝ දෙනා අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර එය මේ දශකය තුළ සිදුවූ නරකම නාමය වෙනස් කිරීම ලෙසත් ප්‍රකාශ කරනවා.

No comments

Powered by Blogger.