Header Ads

බැදුම්කරයට කිසිම සමාවක් නෑ – සමලිංගිකත්වය විසි කළෙත් මම – ජනපති.

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ කිසිවෙකුටවත් තමාගෙන් සමාවක් නොමැති  බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 25 පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැති ආගමික උත්සවයක දී ජනාධිපතිවරයා  අවධාරණය කළේය.

එසේම ජනාධිපති කොමිසමක් පත් කළේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට මිස වැරදිකරුවන් ආරක්ෂා කිරීමට නොවන බවත්  පැවසීය.

අදාළ කොමිසම හරහා මෙම බැඳුම්කර සිද්ධියට අදාළ කරුණු පැහැදිලි කරගත් පසුව ඊට පෙර වසර අටක් පුරා සිදු වූ බැඳුම්කර සිද්ධීන් ගැනත් ජනාධිපති කොමිසමක් පත්කොට වංචා දූෂණ සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වූ වැරදිකරුවන්ටත් දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

තමා කිසිසේත් කිසිවකුටත් නොනැමෙන බවත් ලෝකේ එක එක රටවල් කියන ආකාරයට ආණ්ඩු කිරීමට තමා සූදානම් නොමැති බවත් පැවසූ ජනාධිපතිවරයා සමලිංගිකත්වය නීතිගත කිරීමටත් ගණිකා වෘත්තිය නීතිගත කිරීමටත් කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනා විසිකර දැමුවේ තමා බවත් සඳහන් කළේය.

ඒ නිසා කවුරුන් මොන දේ කීව ද තමා තමන්ගේ වැඩේ හරියට කරන බවත් තමා නැවෙන්නේ මේ රටේ ජනතාවට පමණක්ම බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments

Powered by Blogger.