අනුන්ගේ කුණු මට අදාළත් නෑ ඉන්න බැරි පිරිස් ඔය වගේ කතා කියනවා
ප්‍රවේගයෙන් කරළියට ආපු උදාරි පෙරේරා ගැන පසුගිය දවස්‌වල අන්තර්ජාලයේ හරි හරියට විවිධ කතා පළවුණා. ඇත්තටම මේ කතාවල ඇත්ත නැත්ත දන්නේ උදාරිම තමයි ඒ හින්දා අපි උදාරිට කතා කළා.
අලුත් අවුරුද්දේ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?
ඔව්.
මොනවාද ඒ චිත්‍රපට ?
දැන්ම ඒ ගැන කතා නොකර හිටියොත් හොඳයි. මොකද කිසිම දෙයක් තවම තීරණය වෙලා නැහැ. ඒ ගැන ඉක්‌මණින් කියන්නම්.
ටෙලිනාට්‍යයකට සම්බන්ධවුණා කියන කතාව ඇත්තද?
ඔව්. නිල්වලා ආයතනයෙන් විශේෂ වැඩකට සහභාගිවෙන්න හිතාගෙන ඉන්නවා.
ප්‍රවේගයෙන් කරළියට ආපු කාලේ ටෙලිනාට්‍ය භාරගන්නේ නැහැ කියලා නේද කිව්වේ ?
ඔව්. එහෙම කතාවක් කිව්වා තමයි. මොකද සිනමාවට වැඩි තැනක් දෙන්න ඕනෑ. ටෙලිනාට්‍යවලට වැඩි කාලයක් වැයවෙන හින්දා තමයි එහෙම තීරණයක් අරගෙන හිටියේ.
ඉතිං ඒ තීරණය වෙනස් වුණේ ?
ඒත් දැන් තත්ත්වය අනුව ඒ තීරණය වෙනස් වුණා. අනික ප්‍රේක්‍ෂකයෝ නිතරම අහනවා ඇයි නාට්‍යයකවත් නැත්තේ කියලා. මගතොටේදී ලැබෙන ඒ වගේ ප්‍රතිචාර හින්දා තමයි කල්පනා කළේ ටෙලිනාට්‍යභාරගන්නවා කියලා. අනික හැදෙන හැම චිත්‍රපටයකටම අපිට ආරාධනා ලැබෙනවා අඩුයිනේ.
ඉස්‌සරහට උදාරි ටෙලිනිළියක් වෙන්නත් සූදානම් ?
මම ටෙලිනිළියක් නෙමෙයි. නිළියක්. අනික මම කලාකාරිණියක්.
සැමියා කැමැතිද ටෙලිනාට්‍ය රඟපාන්න යනවාද?
එයා මගේ කිසිම තෝරාබේරාගැනීමකට තහංචියක් පනවලා නැහැ. සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. මම මුලින් කළෙත් සමාජයත් එක්‌ක ගැටෙන රැකියාවක්. හැබැයි සැමියා සමග කතාබහ කරනවා.
ටෙලිනාට්‍ය කියන්නේ හරිම කාර්යබහුල මාතෘකාවක්. පවුල් ජීවිත අවුල් වෙන්න බැරිකමක් නැහැනේ?
නැහැ. ඒ ගැන කතා කරනකොටම දින වකවානු කතාබහ කරගෙන ඒ වැඩේ තීරණය කළේ. ඔවුන් මගේ ඉල්ලීම්වලට ඉඩදුන්නා. අනික ගෘහ පරිපාලනයට බාධාවක් නොවන විදිහට තමයි මම ටෙලිනාට්‍යය භාරගත්තේ.
2017 අවුරුද්දෙත් ජනප්‍රිය නිළිය වෙන්න හිතාගෙනද ටෙලිනාට්‍යවලට අතගැසුවේ?
බොහෝ දුරට වෙන්නත් පුළුවන්.
ජනප්‍රිය නිළිය කිරුළ තව කාටවත් දෙන්න කැමැති නැහැ ?
අයියෝ එහෙම නැහැ. ජනප්‍රියත්වය සම්මානයකින් මනින්න බැහැ. ප්‍රවේගය තිරගතවෙලා අවුරුද්දක් වෙනවා. තවමත් ඒ ගැන කතාවෙනවා. මගතොටේදී ලැබෙන ප්‍රතිචාරවලින් තමයි අපි ජනප්‍රියද නැතිද කියලා තීරණය වෙන්නේ.
මෙහෙම ඉදිරියට යන්න හදනකොට කැපිලි කෙටිලි එහෙම නැතිද ?
මම ඒවා ගැන දන්නේ නැහැ. මොකද මගේ මුහුණට කවුරුත් එහෙම කියලා නැහැ. හැමෝම හොඳින් කතාබහ කරනවා. කැපිලි කෙටිලි කරන අයම තමයි දන්නේ කැපිල්ලක් කළාද නැතිද කියලා.
මට ඒවා අදාල නැහැ.
උදාරි කටකතා ගැන මොකද හිතන්නේ ?
ඕනෑම ක්‍ෂේත්‍රයක කටකතා හැදෙනවා. ඒවා අපිට වළක්‌වන්න බැහැ. අපේ ළඟින් ඉන්න අය දන්නවා නම් අපි කවුරුද කියලා කොච්චර කටකතා හැදුවත් වැඩක් නැහැ. අනික කටකතාවලින් මගේ ගමන වළක්‌වන්න බැහැ.
උදාරිට කටකතා හැදිලා නැතිද?
කටකතා හදන අය මට ඇවිත් කියන්නේ නැති හින්දා මම තවම දන්නේ නැහැ හැදිලාද නැතිද කියලා. මාධ්‍ය තමයි ඒවා දන්නේ.
වෙබ් අඩවිවල පළවන කතා ගැන මොනවාද කියන්න තියෙන්නේ ?
ඇත්තම කියනවා නම් කිසිම වෙබ් අඩවියක පළවන ගොසිප්වලට මම ලයික් කරලා නැහැ.
ඇයි ඒ ?
අනුන්ගේ කුණු මට අවශ්‍ය නැහැ. ඒවායේ මං ගැන මොනවා හරි පළවුණත් මම දන්නෙත් නැහැ. මම ගැන එහෙම දෙයක් පළවුණත් මගේ යාළුවෝ ඒ ගැන මට කියන්නේ නැහැ. මාව ඔවුන් දන්නවා. ඇත්තටම ඒ වගේ දේවල්වලින් තමන්ගේ ජීවිතය තීරණය කරන එක ගැන හරිම දුකයි. ගොසිප් පවුල් ජීවිතයට ළංකරගන්න නරකයි.
පසුගිය කාලයේ ඔබ ගැනත් අන්තර්ජාලයේ හරියට මඩගැසීම් සිදුවුණානේද?
මම දන්නේ නැහැ. එකිනෙකා එක එක කටකතා කියන්න පුළුවන්. මගේ දියුණුව බලාගෙන ඉන්න බැරි පිරිස් තමයි ඔයවගේ කතා කියනවා ඇත්තේ. මම ගැන මොන ගොසිප් එකක් ගියත් මිනිස්‌සු ඒවා ගණන් ගන්නේ නැහැ කියලා මම දන්නවා. හැමෝම මට ආදරෙයි කියලා මම දන්නවා.
පුතාගේ වැඩකටයුතු එහෙම කොහොමද?
පුතාට අවුරුදු දෙකහමාරයි. අපේ ජීවිතය හරි ලස්‌සන වුණා. එයාවත් යහපත් පුරවැසියෙක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මියුසික් වීඩියෝවකටත් දායකවුණා කියන්නේ ඇත්තද?
එම්. ජී. ධනුෂ්කගේ මියුසික් වීඩියෝවකට තමයි දායකවුණේ.
ඇයි මේ මියුසික් වීඩියෝවකට දායකවුණේ ?
මියුසික් වීඩියෝවකට සම්බන්ධ නොවෙන්න එක එක හේතු තිබුණා. මේ අන්තිම කාලයේ දෙරණ ස්‌ටාර් සිටි වේදිකාවේදී එම්. ජී. මගේ ටීම් එකේ හිටියේ. ඉතිං එම්. ජී. ගේ ඉල්ලීම අහකදාන්න බැරිහින්දයි මියුසික් වීඩියෝවට දායකවුණේ.
උදාරි පෙරේරා ගේ ලස්සනම ලස්සන ෆොටෝ ඇල්බමයට මෙතනින් එන්න.
උදාරි පෙරේරා ගේ ලස්සනම ලස්සන ෆොටෝ ඇල්බමයට මෙතනින් එන්න.
No comments