දීපාල් සිල්වා දිවියෙන් සමුගනී.
මිය යනවිට වයස අවුරුදු 50
ජනප්‍රිය ප්‍රහසන නළුවෙකු සහ ගායකයෙකු වූ දීපාල් සිල්වා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය. ඒ, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.
කලාවට පැමිණියේ 1990 දශකයේදී
මෑත කාලීනව මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායකයෙකු වූ දීපාල් සිල්වා සිය කලා ජීවිතයට අත්පොත් තැබුවේ 1990 දශකයේදී ය.
ඒ, උපහාසාත්මක රසයට මුල්තැන දුන් ගීත කිහිපයක් ගායනා කරමින් ය. ඒ “රටේ මිනිස්සු වැඩිපුර කෙලින්නේ පිස්සු”“අද නොකර කතා ඉන්නේ මොකද කියා” වැනි ගීත ඒ අතර ජනප්‍රිය වුණා.
දීපාල් සිල්වා මහතා ප්‍රහසන නළුවෙකු ලෙස වේදිකාව , රූපවාහිනිය සහ සිනමාව යන මාධ්‍ය තුනේම සිය රංගන කුසලතාව විදහා දැක්විය.
ඔහු වඩාත් ජනාදරයට පත් වූයේ ප්‍රවීන ප්‍රහසන නළුවෙකු වූ නිහාල් සිල්වා මහතාගේ අභාවයත් සමග සාජන්ට් නල්ල තම්බි චරිතයට පණ පෙවීමත් සමගිනි.
මියයන විට 50 වන වියේ පසු වූ දිපාල් සිල්වා මහතා මෙරට සංදර්ශන වේදිකාව ජනතාව අතර ප්‍රචලිත කිරිමට ක්‍රියාකාරී දායකත්වයක් දැක්වු කලාකරුවෙකි.
No comments