මොරගහකන්දට ජලය පුරවයි
මොරගහකන්ද ජලාශයට ජලය නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදුවිය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී එනම්, 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබුණූ අතර එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ 2012 වසරේදි ආරම්භ විය.
මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන අතර ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7කි.
මේ මගින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලූතින් අස්වැද්දීමට බලාපොරොත්තුවේ. තවද මේ ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකර මෙගාවොට් 25 ක ජල විදුලි නිෂ්පාදනයකට ද රජය සැළසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකි.
කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝමීටර 9 ක උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙන ගොස් එතැන් සිට කිලෝමීටර 67 ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා තවදුරටත් ජලය රැගෙන යාමට නියමිතය. ඒ සඳහා කිලෝමීටර 26 ක් දිගින් යුත් උමං මාර්ගයක් ඉදිකිරීමට බලාපොරොත්තුවේ. මෙම ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ඉදි කිරීම 2018 වසරේදී අවසන් කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වසරේදී අවසන් කිරීමට නියමිතය.
No comments