පොලිසිය මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන අළුත් ක්‍රමේ මෙන්න.
පොලීසියේ මාධ්‍ය ප්‍රතිපත්තිය අද ප්‍රකාශයට පත් කළේ ය.
අද නිකුත් කළ පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තියට අනුව මාධ්‍ය වෙත තොරතුරු සැපයීමේදී නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මාධ්‍ය වෙත තොරතුරු ලබා දීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හරහා මෙන් ම පොලිස්පතිවරයා හෝ ඔහු විසින් බලය පවරන නිලධාරියෙකු විසින් පමණක් සිදු කළ යුතු ය.
එමෙන් ම පොලිස්පතිවරයා බලය පැවරූ අවස්ථාවකදී අදාළ නිලධාරියා ක්‍රියා කළ යුත්තේ තම රාජකාරිමය වගකීම් හා බලය පැවරුණු සීමාවන් තුළ පමණි.
No comments