යහපාලනයේ ඩේරා්න භීතිකාව. අළුතෙන් නිතිත් හදන්න යයි.
ගුවනින් දර්ශන සහ ඡායාරූප ගැනීම් සඳහා භාවිත කරන ඩේරා්න කැමරා සම්බන්ධයෙන් නව නීති සහ නිර්ණායකයන් අවශ්‍ය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.
හම්බන්තොට නව ආයෝජන කලාපයට මුල්ගල තැබීමේ උත්සවය පැවැති දින ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගුවන්ගත කළ පෞද්ගලික මාධ්‍ය ආයතනයක ඩේරා්න කැමරාවක් පොලිස් නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් කළ විමසුමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කෙළේය.
හම්බන්තොට ගැටුම්කාරී තත්ත්වය අතර ඩේරා්න කැමරාවක් උඩු ගුවනේ හැසිරීම උත්සව සභාවේ සිටි ප්‍රභූන්ගේ ආරක්ෂාවට ගැටලුවක් වන බවද නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.
එසේම ඩේරා්න කැමරාව පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කරන්නේ නම් විමර්ශන සිදු කිරීමට හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඩේරා්න කැමරා භාවිතයෙන් ගුවන් ප්‍රහාර එල්ල කළ හැකි බවද එම නිසා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවද හෙතෙම සඳහන් කෙළේය.
No comments