Header Ads

ජවිපෙ සාමාජිකයන්ට මහින්ද රාජපක්ෂ පිලේ මැරයන්ගෙන් ප්‍රහාරයක්.

හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පැවරීමට එරෙහි පොස්ටර් ව්‍යාපාරයක නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දෙදෙනෙකුට මහින්ද රාජපක්ෂ පිලේ මැර පිරිසක් අද (01) අළුයම මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වත්මන් රනිල්-මෛත්‍රී ආණ්ඩුව හම්බන්තොට ඉඩම් අක්කර 15,000ක් චීනයට විකිනීමට එරෙහිව ලබන 05වනදා හම්බන්තොටදී පවත්වන විරෝධතා රැලියේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටියදී කටුවන ප්‍රදේශයේදී මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇත.
පහරකෑමට ලක් වූ ජවිපෙ සාමාජිකයන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර අයෙක් අසාධ්‍ය තත්වයේ පසුවන බව පැවසේ.
කටුවනදීරුක්මල් දෙනිය පාසල අසළදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයට පස් දෙනෙකු පැමිණ තිබේ. ඉන් එක් අයෙකු සහ ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය කටුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
මෙම මැර පිරිස මෙහෙයවා ඇත්තේ කරතොට ජයවික්‍රම නැමති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ගෝලයෙකු බවත් ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු බවත් පැවසේ. ඔහුට එරෙහිව විවිධ විෂමාචාර සහ අපචාර සිදුවීම්වලට අදාළ පැමිණිලි රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති බවත් වාර්තා වේ.
මෙම මැර ප්‍රහාරයට කරතොට ජයවික්‍රම සමග ඔහුගේ වැඩිමල් සහෝදරයාගේ පුත්‍රයා වන සාගර නැමැත්තාද සම්බන්ධ වී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව අශෝක නැමැත්තෙකුද සම්බන්ධ වී තිබේ. කරතොට ජයවික්‍රම ඇතුළු සිවු දෙනෙකු මේ වනවි ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර  ඔවුන් දේශපාලන රැකවරණ යටතේ පසුවන බවද වැඩිදුරටත් වාර්තා වේ.

උපුටාගැනීම - Lanka Truth

No comments

Powered by Blogger.