මාලිංග පිටියට එන දිනය තවමත් අවිනිශ්චිතයි
ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින හා විස්සයි - 20 තරගාවලිය අහිමිවී ඇතැයි වාර්තා වේ.
ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් හරිහැටි සුව නොවීම හේතුවෙනි.
එමෙන්ම ඔහුට ලබන පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි - 20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවද අවිනිශ්විත බව පැවසේ.
මෙම අබාධය හේතුවෙන් ලසිත් මාලිංගට පසුගිය වසරේ විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියද අහිමිවී ගියේය.
No comments