Header Ads

'බැඳුම්කරය' විමර්ශනයට ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් !


ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිලිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ හා පරීක්ෂණ සිදුකර ඊට අදාල ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් හා විගණන කටයුතු පිලිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මෙම ත්‍රීපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය.
මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනකින් තුළ සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.
ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම එසේ පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවෙන් අපේක්ෂා කෙරේ.
එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ජනාධිපතිවරයා අදාළ සියළු අංශ වලින් ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.

උණුසුම් පුවත් ඉක්මනින් බලන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න. 

No comments

Powered by Blogger.