දික්වැල්ල - සීක්කුගේ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති
නිරෝෂන් දික්වැල්ල සහ සීක්කුගේ ප්‍රසන්නගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර නිව්ලෑන්ඞ්හිදී අද (25 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු 5 ක ජයක් හිමිකරගත් ශ්‍රී ලංකාව තරග 3 කින් සමන්විත වූ තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනිමට සමත් විය.
දකුණු අප්‍රිකාව | |||
ට්‍රෙවර් ස්මට්ස් - ක.මු.කළා ප. ප්‍රසන්න | 19 | ||
රීසා හෙන්ද්‍රික්ස් - ස්ට. චන්දිමාල් ප. සඳකැන් | 41 | ||
ඒ.බී. ඩිවිලියර්ස් - ඇ. සහ ප. කුලසේකර | 63 | ||
ඩේවිඩ් මිලර් - ඇ. සඳකැන් ප. ගුණරත්න | 1 | ||
ෆර්හාන් බෙහාර්ඩීන් - දුවද්දී දැවී ගියා | 6 | ||
මැන්ගලිසෝ මොසේලී - නොදැවී | 32 | ||
වේන් පානෙල් - නොදැවී | 3 | ||
අතිරේක (පා-2, ව-2) | 4 | ||
එකතුව ඕවර 20 කදී කඩුලු 5ක් දැවී | 169 | ||
කඩුලු වැටීම | |||
1-36 (ස්මට්ස්), 2-107 (හෙන්ද්‍රික්ස්), 3-117 (මිලර්), 4-133 (බෙහාර්ඩීන්), 5-135 (ඩිවිලියර්ස්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
ඇන්ඞ්ල් පෙලූක්වායෝ, ඩේන් පීටර්සන්, ඉම්රාන් තහීර්, ලූන්ගී නිගි | |||
පන්දු යැවීම | |||
තික්ෂිල ද සිල්වා | 1-0-10-0 | ||
නුවන් කුලසේකර | 4-0-30-1 | ||
ඉසුරු උදාන | 4-0-39-0 | ||
සීක්කුගේ ප්‍රසන්න | 3-0-21-1 | ව-1 | |
ලක්ෂාන් සඳකැන් | 4-0-23-1 | ||
අසේල ගුණරත්න | 4-0-34-1 | ව-1 | |
ශ්‍රී ලංකාව | |||
නිරෝෂන් දික්වැල්ල - ඇ. බෙහාර්ඩීන් ප. තහීර් | 68 | ||
උපුල් තරංග - ඇ. බෙහාර්ඩීන් ප. පානෙල් | 20 | ||
දිනේෂ් චන්දිමාල් - ප. ඉම්රාන් තහීර් | 5 | ||
ධනංජය ද සිල්වා - ස්ට. මොෂේලී ප. ඉම්රාන් තහීර් | 19 | ||
සීක්කුගේ ප්‍රසන්න - නොදැවී | 37 | ||
කුසල් මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා | 2 | ||
අසේල ගුණරත්න - නොදැවී | 11 | ||
අතිරේක (පා-3, බ-2, ව-3) | 8 | ||
එකතුව ඕවර 19.4 කදී කඩුලු 5ක් දැවී | 170 | ||
කඩුලු වැටීම | |||
1-36 (තරංග), 2-45 (චන්දිමාල්), 3-116 (දික්වැල්ල), 4-118 (ධනංජය), 5-142 (මෙන්ඩිස්) | |||
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ | |||
තික්ෂිල ද සිල්වා, නුවන් කුලසේකර, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන | |||
පන්දු යැවීම | |||
ලූන්ගී නිගි | 2-0-13-0 | ||
ඩේන් පීටර්සන් | 3.5-0-38-0 | ව-1 | |
වේන් පානෙල් | 4-0-42-1 | ව-1 | |
ඉම්රාන් තහීර් | 4-0-18-3 | ||
ඇන්ඞ්ල් පෙලූක්වායෝ | 4-0-32-0 | ව-1 | |
ට්‍රෙවර් ස්මට්ස් | 2-0-22-0 |
ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවීයන විට ජයග්‍රහණය සදහා පන්දු 15 කදී ලකුණු 28 ක් අවශ්‍ය වූ අතර එම ඉලක්කය පන්දුවක් ඉතිරිව තිබියදිම සපුරා ගැනීමට සීක්කුගේ ප්‍රසන්න (නොදැවී 37) සහ අසේල ගුණරත්න (නොදැවී 11) සමත් වූහ.
නායක දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳි සිටීමට ඉම්රාන් තහීර් අවස්ථාවක් ලබා නොදුන් අතර තෙවැනි කඩුල්ල සදහා පන්දු 61 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් පැවැත්විමට නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා සමත් වූහ. මංගල විස්සයි20 අර්ධ ශතකය පන්දු 34 කදී සම්පූර්ණ කරගැනීමට නිරෝෂන් දික්වැල්ල සමත් විය.
කෙසේ වුවත් තරගයේ 15 වැනි ඕවරයේ දෙවැනි සහ පස්වැනි පන්දුවලදී නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා දවාගැනීමට ඉම්රාන් තහීර් සමත් වීමත් සමග තත්ත්වය තරමක් උණුසුම් විය.
වේන් පානේල් යැවූ හත්වැනි ඕවරයේ අවසන් පන්දු තුනේදී ධනංජය ද සිල්වා දුන් උඩ පන්දුව සහ නිරෝෂන් දික්වැල්ල දුන් උඩපන්දු 2 සමගින් ශ්‍රී ලංකා ඉනිම පුරා උඩපන්දු පහක් අතහැරීම දකුණු අප්‍රිකා පිලෙන් ජයග්‍රහණය ගිලිහීයාමට ප්‍රධානතම හේතුව විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වේගවත් ආරම්භයක් ලබාගත් අතර පළමු කඩුල්ල ලෙස උපුල් තරංග දැවීයන විට පන්දු පන්දු 11 කදි හතරේ පහර හතරක් සමගින් ලකුණු 20 ක් ලබා සිටියේය.
20 වැනි ඕවරය යැවූ ඉසුරු උදානට එළව එළවා පහරදුන් මැන්ගලිසෝ මොසේලී හයේ පහර තුනක් සමගින් ලකුණු 21 ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත් විය. පන්දු 15 කට මුහුණ දෙමින් මොසේලී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32 කි.
ඬේවිඞ් මිලර් ලකුණකට සහ ෆර්හාන් බෙහාර්ඩීන් ලකුණු හයකට දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 63 කට දවා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කිරීමට සමත්වූහ.
මාස කිහිපයකට පසුව ජාත්‍යන්තර විස්සයි20 පිටියට පිවිසි ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 35 කදී සිය නවවැනි අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර රීසා හෙන්ඞ්රික්ස් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 54 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක්ද පැවැත්වීය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසීරුවෙන් පන්දුවට පහරදුන් ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල ලකුණු 36 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර සීක්කුගේ ප්‍රසන්නගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ජෝන් ස්මට්ස් ලකුණු 19 කට දැවී ගියේය.
අද තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයද හිමිවන බැවින් දෙපිලටම මෙම තරගය තීරණාත්මක තරගයක් විය.
දෙවැනි තරගයට ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු කණ්ඩාමේ වෙනස්කම් තුනක් සිදුකරමින් ඒරන් පැන්ගිසෝ, තියුනිස් ඩී බෲයින් සහ හෙයිනෝ කූන් වෙනුවට ඒ.බී. ඩිවිලියර්ස්, රීසා හෙන්ඞ්රික්ස් සහ ඬේන් පීටර්සන් කණ්ඩායමට කැඳවා තිබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරමින් ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට උපුත් තරංග කණ්ඩායමට කැඳවා තිබුණි.
No comments