ජනාධිපති දැඩි ස්ථාවරයක : ලොතරයිය රු. 30 කිරීමේ රවීගේ වැයම කුණු කූඩයේ
ලොතරැයි මිල රු. 20 දක්‌වා අඩුකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක නොකළොත් අදාළ ලොතරැයි මණ්‌ඩල දෙකේ පාලනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම මුදල් අමාත්‍යාංශය විසින් කල් අදිමින් සිටින බවද මේ සම්බන්ධයෙන් මත ගැටුම් මේ වන විට උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.
අග්‍රාමාත්‍යවරයා සහ මුදල් ඇමැතිවරයා රටේ නොසිටි අවස්‌ථාවක රු. 30 ට ඉහළ නංවා තිබූ ලොතරැයි මිල යළි ජනාධිපතිවරයා විසින් රු. 20 දක්‌වා අඩු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර බරපතළ විරසකයක් ඇතිවී තිබෙන බවද පැවසේ.
ජනාධිපතිවරයාගේ තීරණය මුදල් අමාත්‍යාංශය විසින් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවද එසේ නොකළහොත් ජනාධිපතිවරයා ලොතරැයි මණ්‌ඩල දෙකේ පාලනය මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් හෙළි කළේය.
ආණ්ඩුවට කුණු බැනුම් :
ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මෙම කාරණය දීර්ග වශයෙන් සාකච්ජාවට බඳුන්වී ඇත.
රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බවත්, කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී ඊයේ (24) අවධාරණයෙන් සඳහන් කර තිබේ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව ඉතා දැඩි ලෙස සඳහන් කර ඇත.
අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙන බවත්, 20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.
ඉන් බොහෝ අය දුප්පත් අසරණ ජනතාව බවත්, ඇතැම් අය අන්ධ, ආබාධිත යාචකයන් මෙන් සිටින ඉතාම අන්ත අසරණ අය බවත් පෙන්වා දී ජනාධිපතිවරයා, ලොතරැයි පත් මිල වැඩි කිරීමෙන් මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.
No comments