Header Ads

නියම සන්ග්ලාසස් තෝරගන්නෙ මෙහෙමයි!




දැන හැමෝම සන්ග්ලාසස් දානව. සමහරු සග දාන්නෙ ෆැෂන් එකට. තවත් සමහරු දාන්නෙ වෙනිං අය දාන හින්දා. තව අය  ඇහැට අමාරු නිසා, දොස්තර කියපු නිසා දානව. ඔය අතරින් මොන හේතුවක් හින්දා දැම්මත් සන්ග්ලාසස් කියන්නෙ හොඳක්.

ඉරෙන් එන ඇහැට නරක කිරණ බේරලා කරදරකාර නැති පෙනීමක් ලබාදෙන්න සන්ග්ලාසස්වලට පුළුවන්. හැබැයි නිකං ගන්න ඕනවට ලස්සන ෆ්‍රේම් එකක් තියෙන සන්ග්ලාසස් දෙකක් අරගන්න හිතන් ඉන්න අය මේක නොබැලුවට කමක් නැහැ.

1. ඉරෙන් බේරුනාද?


හොඳ සන්ග්ලාසස් දෙකක් නං පාරජම්බූල කිරණ 99%ක් හෝ 100%ක්ම වලක්වන්න ඕන. ඒ හින්දා UV400 කියලා නිර්දේශිත සන්ග්ලාසස් පාවිච්චි කරන එක හොඳයි. ඒකෙන් ඇස් වලට වෙන්න පුළුවන් ප්‍රමුඛතම හානියක් නැති වෙනවා.  ඒ වගේම එයින් ඇහේ අවට සම වැඩි වේගෙකින් වයසට යාමත් වලක්වනවා. ඒකෙදි UV වලින් විතරක් බේරෙනවද කියලා හොයන්නෙ නැතුව UV A සහ UV B කිරණ දෙකම නවත්තනවද කියලා හොයන්න.

2. පෝලරයිස්ඩ් ලෙන්ස්ද?

නිකම්ම කලු කරපු ග්ලාසස් අරගන්නෙ නැතුව පෝලරයිස්ඩ් කරපු සන්ග්ලාසස් දෙකක් ගන්න බලන්න. ඔබේ සන්ග්ලාසස් දෙක පෝලරයිස්ඩ් නම් එය වතුරෙන්, වීදුරුවලින් එන දිලිසෙන ස්වභාවය මගහැර පැහැදිලි දර්ශන ඔබට ලබාදෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ටින්ට් කරලා විතරක් ලැබෙන ග්ලාසස් වලට වඩා වාහනයක් පදිද්දි වගේම ක්‍රීඩාකරද්දිත් පෝලරයිස්ඩ් ග්ලාසස් රෙකමන්ඩ් කරන්න පුළුවන්.

 3. ඒත් ටින්ට්?

ඔය කිවුවට ගොඩක් කට්ටිය දාන්නෙ ටින්ට් කරපු ග්ලාසස්. ටින්ට් කරපු ග්ලාස්වලින් අවුල් කිරණ ටික හරවන්නෙ නැහැ. ඒවා අර ටින්ට් එකට උරා ගන්නවා. ටින්ට් කරන ඒවායෙ විවිධ පාට තියෙන නිසා තමුන් කැමති පාටක් ගන්න පුළුවන්. ඒත් ඒ ඒ පාටවලින් එක එක වෙනස්කම් සිද්ධ වෙනවා.

අළු – එළිය අඩුයි.

දුඹුරු – දිලිසෙන ගතිය අඩු කරවනවා. ඒ වගේම පාටවල ලොකු වෙනසකුත් දැනෙන්න ඉඩ තියෙනවා. පොඩි අපැහැදිලි ගතියකුත් එන්න පුළුවන්.

කහ පාට – දුඹුරු පාට තරම්ම අපැහැදිලි මීදුම ගතියක් නැහැ. ඒ වගේම දකින දේ හුඟක් ෂාප් විදියට පෙන්නනවා.

 4. ලෙන්ස් එක හැදුවෙ මොනවයින්ද?

පොලිකාබනේට් ලෙන්ස් එකක් ගන්න පුළුවන්නනං හොඳයි. ඒ වගේම මොකක්හරි වැදිලා කැඩුනොත් වෙනත් අමුද්‍රව්‍ය වගේ බිඳිලා යන්නේ නැහැ. ඒ නිසා ඇහැට හානියක් වන්නේ නැහැ. CR-39 කියන ප්ලාස්ටික් විශේෂයත් වැඩේට හොඳයි.

 5. අමාරුයිද?

මේ නං ෆ්‍රේම් එක ගැන කාරණාවක්. ෆැෂන් එක පැත්තකින් තියලා ඇහැට අමාරුයිද බලන්න. සමහර ෆ්‍රේම් ඔළුව දෙපැත්තට හිරවෙනවා. ඒවගේ ඒව අපහසුවෙන් දාගෙන ඉන්නවට වඩා හොඳයි ඉර හින්දා ඇස් ගැලවුනත් කමක් නැහැ කියල ඉන් විදියටම ඉන්න එක. ඒ ගැන හිතනකොට ෆ්‍රේම් එකෙන් ඇහැ විතරක් නොව ඇහැ වටේට ඇති සමත් ආරක්ෂා කරන බව දෙපාරක් හිතන්න. ඒ නිසා ෆ්‍රේම් එක ලොකු වෙන එකෙත් හොඳක් තියෙනවා.



No comments

Powered by Blogger.