මිනි හයිඩ්‍රොලික් ව්‍යාපෘතිවලට එරෙහිව පරිසර සංවිධාන වීදි බසිති.
රට පුරා කුඩා දිය ඇලි සහ ජල දහරා ආවරනය කරමින් ඉදිවන කුඩා විදුලිබල ව්‍යාපෘති 150 ක් පමණ හේතුකොටගෙන සිදුවන මහා පරිසර විනාශය නතර කරගැනීම සඳහා පරිසර සංවිධාන සහ පුරවැසි සංවිධාන විසින් අද පෙරවරුවේදී සාමකාමි විරෝධතාවයක නිරතවිය. බත්තරමුල්ල කොස්වත්ත මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිටදී උදෑසන 9.30 සිට මධ්‍යහනය දක්වා මෙම විරෝධතාවය පැවැත්විණ.
පරිසර සංවිධාන රාශියක් එකම තැනකට
පරිසර සහ සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය , පරිසර යුක්ති කේන්ද්‍රය, වැසි වනාන්තර සුරකින්නෝ, බීස්, ආඳාදොල සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන රාශියක් සහ කුඩා විදුලිබල ව්‍යාපෘති හේතුකොටගෙන විපතට පත්වන ජනතාවද මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ. විවිධ පුරවැසි සංවිධාන කීපයක නියෝජිතයන්ද සහභාගී වී සිටිම කැපී පෙනිණ.
ආණ්ඩු දෙකෙන්ම පරිසරයට හානිකරලා.
පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යධූර දරන සමයේ කුඩා විදුලිබලාගාර 105 කට අනුමැතිය දී ඇති අතර නව රජය පත්විමෙන් පසුවද එම විනාශය ඉදිරියට ඇදී ගොස් ඇත. එම ව්‍යාපෘති ගණන 150 දක්වා වැඩි වීමද සිදුවී ඇති බව පරිසර සංවිධාන නියෝජිතයින් පවසයි.
ලොකු ලොක්කන්ගේ නම් එළියට.
ධම්මික පෙරේරඅ, දම්මික රණතුංග ඇතුලු ප්‍රසිද්ධ පුද්ගලයින්ද මෙම විනාශයට තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් එක් වී ඇති බවද චෝදනා නැගිණ. පරිසර අධිකාරියේ ප්‍රධානින් සම්බන්ධයෙන්ද ඉතා දැඩි විවේචන එල්ල විය.
තවත් කතාකරන්න දෙයක් නැහැ.
විරෝධතාවය අතරමගදී පරිසර අධිකාරියට ආරක්ෂාව සලසන පොලිස් නිලධාරින් මාර්ගයෙන් පණිවිඩ එවූ පරිසර අධිකාරියේ ඉහල නිලධාරීන් පවසා සිටියේ සංදේශයක් ඇතොත් බාරදෙන ලෙසය. නමුදු පරිසර සංවිධාන නියෝජිතයින් පවසා සිටියේ ඇති තරම් ලිපි බාරදී ඇති නිසා තවත් දෙන්නට දෙයක් නැති බවය. ඒ කිසිවකටත් පිළිතුරු ලැබී නැති බවද ඔවුන් පවසා සිටියහ.
දිය ඇලි ඔක්කොම වනසලා.
ලක්ෂපාන , කිතුල්ගල , ලංකාගම , ආඳාගල , වී ඔය , කොත්මලේ , මන්දගම්නුවර , ගිණිගත්හේන ඇතුළු රට පුරා ප්‍රදේශ රාශියක මෙම පාරිසරික විනාශය සිදුවන අතර පරිසර තක්සේරු වාර්ථා නොමැතිව පාරිසරික නීති උල්ලංගනය කරමින් සිදු කරන මෙම ව්‍යාපෘති වහාම නැවැත්විය යුතු බව පරිසර සංවිධාන පවසයි .
ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා

No comments