බැදුම්කර හොරු රකින්න ‘සිරිකොතේ හාමුදුරුවන්ට‘ ලක්ෂ 500ක ගතමනාවක් !
කෝට්ටේ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමිට, බැදුම්කර වංචාව සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටීම සදහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් සිරිකොතට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව කලම්බූ ටුඩේ වෙබ් අඩවිය සඳහන් කර ඇත.
2017.01.24 වන දින පුවතක් පල කරමින් එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරන්නේ "අගමැතිවරයාගේ මෙහෙයවීම පරිදි මෙම භික්ෂූවට අදාළ මුදල ලබා දී තිබෙන්නේ බැදුම්කර නිකුතුවේදී වංචාවක් සිදුවූයේ නැති බවට අධිකරණ තීන්දුවක් ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙන්" යනුවෙනි..
එම සම්පූර්ණ පුවත පහලින්
කෝට්ටේ නාලන්දාරාමාධිපති, කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමිට, බැදුම්කර වංචාව සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටීම සදහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් සිරිකොතට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව එජාපයට සම්බන්ධ විශ්වාසදායක තොරතුරු මාර්ග වලින් අනාවරණය වනවා.‘සිරිකොතේ හාමුදුරුවෝ‘ ලෙස හැදින්වෙන මෙම භික්ෂුව එජාප භික්ෂු පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන අතර, ලංකා හොස්පිටල් හි අධ්‍යක්ෂ ධූරයක්ද දරනවා. දේශපාලනයේ තිරය පිටුපස ගනුදෙනු සම්බන්ධයෙන් කුප්‍රකට චරිතයක් වන පාලිත හිමි රට පුරා අධිකරණ විනිසුරුවන් පනහකට වැඩි පිරිසක් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙක් බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.අගමැතිවරයාගේ මෙහෙයවීම පරිදි මෙම භික්ෂූවට අදාළ මුදල ලබා දී තිබෙන්නේ බැදුම්කර නිකුතුවේදී වංචාවක් සිදුවූයේ නැති බවට අධිකරණ තීන්දුවක් ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙනි.ඒ අනුව තිනියාවල පාලිත හිමියන් විසින්, මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව (COPE) අභියෝගයට ලක් කරමින්, 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.(Colombo Today)
මිතුරන්ටත් බලන්න ශෙයා කරන්න.
No comments