හැව්ලොක් සිටි ව්‍යාපෘතිය ඉදිවෙයි
ඇමරිකානු ඩොලර් මිලියන 166 ක් ආයෝජනයක් සමඟින් හැව්ලොක් සිටි සංවර්ධන ව්‍යාපෘතිය ඊයේ (28) දිනයේදී උත්කර්ෂවත් ලෙස ඇරඹුණි.
සිංගප්පූරුවේ සුපිරි ආයෝජකයෙකු වන එස් පී ටාවෝ මහතා ගේ ප්‍රධානීත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහභාගී විය.
ඊට අමතරව, මහා නගර සහ බටහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය - ආචාර්ය සරත් අමුණුගම, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය - ඒ.එච්.එම්. ෆවුසි, ලංකා බැංකුවේ අධ්‍යක්ෂ රනෙල් විජේසිංහ සහ සාමාන්‍යධිකාරී ඩී ගුණසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.
වසර 2020 දී නිමකිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය, කොළඹ ලෝක වෙළඳ මධස්ථානයේ හිමිකරු, සංවර්ධක සහ කළමනාකරු වන ඕවසීස් රියලිටි සමාගම සහ ලංකා බැංකුව ඒකාබද්ධ සමාගමක් වන මිරෙකා කැපිටල් ඩිවෙලොප්මන්ට් සමාගම මඟින් ක්‍රියාත්මක වේ.
මෙහිදී නිවේදනයක් මගින් ඕවස්සීස් රියැලිටි සිලෝන් පීඑල්සී සභාපති - එස් පී ටාවෝ මහතා අදහස් දැක්වූයේ මෙසේය :
“ඇමරිකානු ඩොලර් මිලියන 166ක අද්විතීය නිර්මාණයක් සහ වාණිජ සංවර්ධනයේ සංකේතාත්මක ආරම්භය වන හැව්ලොක් සිටි ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල සියැසින් දැකගැනීමට හැකිවීම භාග්‍යයක්. වාණිජ සංවර්ධනය උදෙසා ඇ.ඩො. මිලියන 166ක් යොදවනු ලබන මෙම හැව්ලොක් සිටි ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජණ මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන අතර මෙහි වර්ග අඩි 600,000ක මහල් 46 ක් ඉදිකෙරෙණ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව වර්ග අඩි 200,000ක සාප්පු සංකීර්ණයක් ඉදිවීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුහුණුවර වෙනස්කරන සන්ධිස්ථානයක් වන බව නොඅනුමානයි.”
මෙම අවස්ථාවේදී මංගල සමරවීර මහතා පවසා සිටියේ මේ සඳහා යොදාගෙන ඇති ආර්ථික උපායමාර්ග මගින් ආදායම් මෙන්ම සංචාරක කර්මාන්තයද දියුණු වනු ඇති බවට තමාට කිසිඳු සැකයක් නැති බවත්, මෙම ව්‍යාපෘතියට හදවතින්ම සුබපතන බවත් ය.
උත්සවය අමතමින් අමාත්‍ය චම්පික රණවක මහතා ද පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය කොළඹ නගරයේ එම ප්‍රදේශයේ මුළු ප්‍රදේශයම දර්ශනය වන ආකාරය වෙනස් කරනු ඇති බවයි. එය කොළඹ නගරයේ සංවර්ධනය උදෙස් සිදුකරන කාලීන හා අත්‍යවශ්‍ය මැදිහත්වීමක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ව්‍යාපෘතිය
හැව්ලොක් සිටි සංකීර්ණය සුවපහසු නවීන පන්නයට අනුකූලව නිමවෙන අතර කාර්යාල ඉඩපහසුකම් LEED රන් සහතිකයෙන් පිදුම් ලැබීමට අනුකූලව නිර්මාණය වනු ඇත. තවද, මෙම ගොඩනැගිලි සංකීර්ණය වඩා ඉඩ පහසුකම් සහිතව පුළුල් අවකාශයක් සහිතව ඉදිවෙන අතර සමස්ත නිර්මාණය හා පෙනුම, ආකර්ෂණීය ස්වභාවයක් ගනු ඇත. මෙහිදී පරිගණකගත රථ ගාල, විදුලි සෝපානය සහ ගොඩනැගිලි කළමනාකරණ පද්ධති සමග ක්‍රියාත්මක යටිතල පහසුකම් පෙරනොවූ විරූ තරගාකාරී පහසුකම් රැසක් ලබාදෙනු ඇත.
පාරිභෝගිකයින්ට වෙනස්ම අත්දැකීමක් ලබාදීමේ අරමුණින් නිර්මාණය කර ඇති මෙම සාප්පු සංකීර්ණය, ජාත්‍යන්තර ආකර්ෂණය දිනාගත් සන්නාම නාම රැසක භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව හිමිවන අතර ජාත්‍යන්තර රසයන්ට අනුකූලව සහ අපේ රටේ රස එක්කර සාදන ලද විවිධ ආහාර පාන රසවිඳිය හැකිය. මල්ටිප්ලෙක්ස් සිනමා අත්දැකීමක් සියල්ලන්ට අත්විදීමේ අවකාශය හිමිවේ.
මෙම සංකීර්ණයේ ඇති පහළම මහල් මට්ටම් දෙකෙහි රථ වාහන 900ක් පමණ ගාල් කර තැබීමට ඉඩපහසුකම් නිර්මාණය කර තිබේ.
No comments