2017 දී වාහන ලීසිං ක්‍රමයට වෙන දේ මෙන්න
ලීසිං ක්‍රමයට වාහනයක් මිලදී ගැනීමේදී මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතු නව ක්‍රමවේදය ලබන ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසයි.
වාහනයක් මිලදී ගැනීමේදී වාහනයේ තක්සේරු වටිනාකමින් සියයට 70ක මුදලක් ලීසිං පහසුකම ලබාගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබේ.
මෝටර් රථ සඳහා මින් ඉදිරියට ලීසිං පහසුකම ලබාදිය හැක්කේ මෝටර් රථයේ තක්සේරු වටිනාකමින් සියයට 50ක් වන අතර, ත්‍රීරෝද රථ සඳහා එය සියයට 25 දක්වා අඩු කර තිබේ.
කෙසේවෙතත් පාවිච්චි කරන ලද ත්‍රීරෝද රථයක් සඳහා තක්සේරු වටිනාකමින් සියයට 70ක ලීසිං පහසුකම ලබාදිය හැකි අතර යතුරු පැදි සඳහා ද සියයට 70ක ලීසිං පහසුකමක් ලබාදිය හැකි බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.
බස් ඇතුළු මගී ප්‍රවාහන වාහන සඳහා ලීසිං පහසුකම තක්සේරු වටිනාකමින් සියයට 90 දක්වා ලබාදීමට මූල්‍ය සමාගම් වලට අවසර හිමිව තිබේ.
2017 වර්ෂයේ අයවැය නිර්දේශ වලට අනුව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
No comments