මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පොරමඩුල්ලේදී යකා නටයි.. “මවක් උස්සා පොළොවේ ගසයි”
හඟුරන්කෙත අධ්‍යාපන කලාපයට අයත් පොරමඬුල්ල ජාතික පාසලට නව විදුහල්පතිවරයකු පත් කිරීමට විරෝධය පා සිසු සිසුවියන් හා මව්වරුන් පිරිසක් ඊයේ (10) විරෝධතාවයේ නියැළුණු අවස්ථාවේ
එහි පැමිණි එස්.බි. දිසානායක මහතාගේ සහෝදරයකු වන මධ්‍යම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ජයලත් දිසානායක ඇතුළු පිරිසක් එක් මවකට බරපතළ ලෙස පහරදී සිසුන්ට සහ ගුරුවරුන්ට තර්ජනය කර තිබේ.විදුහලට නව විදුහල්පතිවරයකු පත් කිරීමට විරෝධය පා සිසු සිසුවියන් පෙරේදා (09) දිනයේදී අධ්‍යාපන කටයුතුවලින් බැහැරව විරෝධතාවයේ නිරත විය.නව විදුහල්පතිවරයා ඊයේ දින පැමිණ විදුහලේ වැඩ භාර ගැනීමට නියමිත බවට තොරතුරක් ලැබිම හේතුවෙන් සිසු සිසුවියෝ විදුහලෙන් එළියට බැස විරෝධතාවයේ නිරත වූහ. එම අවස්ථාවේ ඔවුන්ට සහාය දැක්වීමට විරෝධතා පුවරු රැගෙන මව්වරු 30 දෙනකු පමණ විදුහල් ගේට්ටුව අසල විරෝධතාවේ යෙදී සිටියහ.
මෙම අවස්ථාවේ එතැනට බිමත්ව පැමිණි එජාප මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක ඇතුළු පහළොස් දෙනකු සිසුන්ට ගුරුවරුන්ට සහ මව්වරුන්ට තර්ජනාත්මකව බැණ වැදී තිබේ. අනතුරුව එම කණ්ඩායමේ අයකු එක් මවක් උස්සා පොළොවේ ගැසීම හේතුවෙන් ඇය රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කෙරිණි. මෙසේ තුවාල ලබා ඇත්තේ රජිතා චන්ද්‍රකාන්ති (48) නම් මවකි.
ගුරුවරුන් එළියට පැමිණියහොත් කරන දේ බලාගත හැකි බවට තර්ජනය කරමින් මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම මත්පැන් පානය කරමින් විදුහල අසල ඊයේ දහවල් වනතුරු රැඳී සිටියහ.සිසුන් සහ දෙමාපියන් පවසන්නේ විදුහලේ වර්තමාන වැඩබලන විදුහල්පතිවරයා විදුහලට විශාල සේවයක් සිදුකරන බැවින් ඔහු වෙනත් පාසලකට මාරු කර නව විදුහල්පතිවරයෙක් පත් කිරීම අසාධාරණ බවයි.
මෙම ගැටලුව විසඳීම සඳහා උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතා හෙලිකොප්ටරයකින් විදුහලට ඊයේ දහවල් පැමිණියේය. ඇමැතිවරයා විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා, ශිෂ්‍ය නායක මණ්ඩලය සහ ගුරුවරුන් සමග සාකච්ඡා කළේය. එහිදී ඇමැතිවරයා කියා සිටියේ විදුහලේ පවතින විදුහල්පති පුරප්පාඩුව පිරවීම සදහා පුවත්පත් දැන්වීමකින් අයැදුම්පත් කැඳවූ බවත් එහිදී විදුහලේ වැඩබලන විදුහල්පතිවරයාට ප්‍රමාණවත් ලකුණු මට්ටමක් නොතිබූ බවය. නව විදුහල්පතිවරයකු පත් කිරීම සිදු කළ බවත් දේශපාලන මැදිහත්වීමකින් සිදු නොවුණ බවද ඇමැතිවරයා කියා සිටියේය.
පාසල් සිසුන් තවදුරටත් උද්ඝෝෂණය කළද සිසුන් 40ක් 50ක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් ගුරුවරුන් හත්අට දෙනකුට රැකියා අහිමි වන බවද ඇමැතිවරයා පැවසුවේය.නව විදුහල්පතිවරයාට ඊයේ දිනම වැඩ භාර ගන්නා ලෙස දැන්වූ බවද උසස් අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිවිර කළ විමසුමකදී අදහස් දැක්වූ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතා මෙසේ කීය.
පොරමඬුල්ල ජාතික පාසලේ නව විදුහල්පතිවරයාට විදුහලේ වැඩබලන විදුහල්පතිවරයා වැඩ භාරගන්න දෙන්නේ නැහැ. පාසල් සිසුන් හා දෙමාපියන් පිරිසක් වැඩබලන විදුහල්පතිවරයාට සහාය දක්වමින් උද්ඝෝෂණයක් කළා. නව විදුහල්පතිවරයාට සහාය දක්වන මාපියන් පිරිසක් සමග එහිදී බහින්බස් වීමක් හා ගුටිබැට හුවමාරුවක් සිදුවුණා.
ඔහුත් සමග පැමිණි පිරිස මව්වරුන්ට පහර දුන් බවට නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඒ මහතා ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. “අපිටත් අම්මලා ඉන්නවා. අපි එහෙම දේවල් කරන්නේ නැහැ. එහෙත් එහෙම දෙයක් වුණාද කියන්න දන්නේ නැහැ” යැයි හෙතෙම පැවසුවේය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments