Header Ads

මහින්දට බැරිනම් අපි යනවා – ජාතික හෙළ උරුමය

ජනාධිපතිවරණයට පෙර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වරූපය වෙනස් කිරීම, දාහත් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, ජනාධිපතිවරණය සහ
මහ මැතිවරණය එකම දිනෙක පැවැත්වීම, ආණ්ඩුවේ බලය අගමැතිට පැවරීම, ජනාධිපතිවරයාට ආරක්‍ෂක ඇමැතිකම පමණක් භාර දීම සහ ඥාති හිත මිතුරන්ට තනතුරු දීම අහෝසි කිරීම යන සංශෝධනය ස්‌ථාපිත කිරීමට ආණ්ඩුව පියවර නොගතහොත් තමන් වහන්සේ ඇතුළු ප්‍රබල ඇමැතිවරු කීප දෙනකු ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීන්දුවක්‌ ගත් බවත්, ඒ සම්බන්ධව අවසන් තීන්දුව අනිද්දා (14) ප්‍රකාශයට පත්කරන බවත් ජාතික හෙළ උරුමයේ උප සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
තමන් වහන්සේ ඇතුළු කණ්ඩායමේ ස්ථාරය ආණ්‌ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාකාරීන්ට දැනුවත් කළද මෙතෙක්‌ ඊට යහපත් ප්‍රතිචාරයක්‌ නොලැබුණ නිසා මෙම තීරණය ගත් බව උන්වහන්සේ පවසති.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද පසුගියදා පවසා තිබුනේ තමන් මෙම ආන්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමෙන් සහ කෝපයකින් පසුවන බවයි.
කෙසේ නමුත් ආණ්ඩුවට 18 වන අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකර ගැනීමට සම කැසීනෝ පනත වැනි පනත් ගෙන ඒමට හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝශාභිගෝගය වැනි ආණ්ඩුවේ අත්තනෝමතික කරුණුවලදී ජාතික හෙළ උරුමය ජනතා විරෝධතා නොතකා සහාය පළ කළේය.

මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.