ලංකාවේ නිෂ්පාදනය කරන අධි සුඛෝපභෝගී මෝටර් රථයක්
දැනට ලෝකයේ ඉහල වටිනාකමක් ඇති වාහන වන ලැම්බොගිනි, ෆෙරාරි, බුගාටි වැනි වාහන අතරට ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන
මෝටර් රථයක්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෝටර් රථයක්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
වේගා නම් මෙම මෝටර් රථය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා වෙළඳපොලට ලක්ෂ 3000 ක මිලකට නිකුත් වීමට නියමිත වේ.
ඒ සඳහා ශ්‍රී ලංකාවේන් බැහැරව විදේශ රටවලට සේවය සැපයූ ශ්‍රී ලාංකික මහාචාර්යවරු, ආචාර්යවරු, පරිගණක හා මෘදුකාංග ඉංජිනේරුවරු, තාක්ෂණික ශිල්පීන් මෙරටට ගෙන්වාගෙන ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත්තේ කොළඹ, මරදානේ නොලේජ් පාක් භූමියේ නවීකරනය කරන ලද පැරණි ට්‍රිපෝලි ගොඩනැගිල්ල තුළදීය.
මෙම මෝටර් රථය සම්පුර්ණයෙන් ඉලෙක්ට්‍රොනික මෝටර් රථයක් වන අතර මෝටර් රථයේ බඳ කාබන් ෆයිබර් යොදමින් නිෂ්පාදනය කරනු ලබන බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්ටෙල් සමාගමේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකුද එක්ව තිබේ. මෙම මෝටර් රථය ඇණවුම් සඳහා පමණක් ලබාදීමට කටයුතුකරනු බව වාර්තා වේ.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments