ලංකාවට එන අතරතුරේ පාප්තුමා පැහැරගනීද?
ටී.බී. ජෝෂුවා යනු නයිජීරියාවේ සාමාන්‍ය වැසියන් අතර පමණක් නොව එහි දේශපාලකයන්, ප‍්‍රභූවරුන්, ජනකාන්ත පුද්ගලයන් අතරද ඉතාමත් ගෞරවයට
සහ පිළිගැනීමට ලක් වූ අයෙකි.
සහ පිළිගැනීමට ලක් වූ අයෙකි.
අනාවැකිකරුවකු ලෙස ඔහුට ඇති ප‍්‍රසිද්ධිය හා පිළිගැනීමද ඉහළය. ඒ මෙයට පෙර ඉතා නිවැරදි සහ සවිස්තරාත්මක අනාවැකි රැුසක්ම ඔහු පළකර තිබූ හෙයිනි.
මයිකල් ජැක්සන්ගේ මරණය, අමෙරිකාවේ සිදුවූ බොස්ටන් බෝම්බ ප‍්‍රහාරය, මැලේසියානු ගුවන් සේවාවට අයත් එම්.එච්. 370 යානය අතුරුදන්වීම මෙන්ම අපි‍්‍රකානු අවසන් පාපන්දු තරග දෙකක ප‍්‍රතිඵලයද ඔහු ටක්කෙටම කියා තිබුණේ එම සිදුවීම් වලට මාස ගණනකට පෙරදිය.
මේ තරම් සාර්ථක අනාවැකිකරුවකු වූ ජොෂුවාගේ අලූත්ම අනාවැකියද ඉතා සවිස්තරාත්මක වූවකි. ඔහුට අනුව පාප් වහන්සේ පැහැර ගැනීම සිදුවන්නේ එතුමන් ගුවන් ගමනක යෙදෙනා අතරදීය. ගුවනේදී පාප් වහන්සේ සමග යානය පැහැර ගන්නා ත‍්‍රස්තවාදීන් එය ඔවුන් පමණක් දන්නා ගුවන් තොටුපොළකට ගෙන යන බව ජොෂුවා කියා තිබේ.
මෙබදු ලොකු වැඩක් කිරීමට ත‍්‍රස්තවාදීන්ට දැන් අවශ්‍යව ඇති බවත්, ඒ නිසා වහාම සියලූ ගුවන් තොටුපළ ආරක්ෂාව තරකළ යුතුබවත් ජොෂුවා කියා ඇත. ”මම දෙවියන්ගේ සගයෙක්, මට ඕනෑ මේ සිද්ධිය සිදුනොවේවා දකින්නයි. ඒ නිසා අපි හැමෝම පාප්වහන්සේ ආරක්ෂා කර දෙන්නට යැයි යාඥා කළ යුතුයි”
දහසය වැනි බෙනඩික්ට් පාප්තුමන් පසුගිය වසරේ පෙබරවාරී 28 සිය පදවියෙන් ඉවත්වීමත් සමග වත්මන් පාප් වහන්සේ වන ෆ්‍රෙන්සිස් ඔගස්ටස් පාප්තුමන් එම වසරේ මාර්තු 13 දා පදවිප‍්‍රාප්ත වූයේය.
උන්වහන්සේගේ මෑතකදී යෙදෙන සංචාරයක් ලෙස ආසියානු සංචාරය හැඳින්විය හැකි අතර ලංකාවට පැමිණීමට නියමිතය. ජෝෂුවාගේ මෙම අනාවැකියත් සමග වතිකානුව පවා සලිත වී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තාකොට තිබේ.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments