ඌව පළාත් සභා ඡන්දය අද
ඌව පළාත් සභා ඡන්දය 2014 අද (20) පෙ.ව. 07.00 සිට ප.ව. 04.00 දක්වා පැවැත්වේ.
ඌව පළාතේ ඡන්දදායක දායිකාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන 834ක පහසුකම් සලසා තිබේ. බදුල්ල
දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 516ක හා මොනරාගල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 318ක එසේ පහසුකම් සලසා ඇත.ඌව පළාත් සභාවට තෝරා ගැනෙන මන්ත්‍රීවරු සංඛ්‍යාව 32කි. බෝනස් ආසනවලින් මන්ත්‍රීවරු 2ක්ද සමඟ සම්පූර්ණ මන්ත්‍රීවරු 34ක් තෝරා පත් කර ගැනේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 18ක් ද මොනරාගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරු 14ක්ද තෝරා ගැනේ.
මෙවර ඌව පළාත සඳහා මොනරාගල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 12ක් හා ස්වාධීන කණ්ඩායම් 07ක් ද බදුල්ල දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩායම් 04ක් ද තරග කරනු ලබයි.
බදුල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 294ක් හා මොණරාගල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 323ක් ඇතුළු ඌව පළාතෙන් අපේක්ෂකයන් 617 දෙනෙක් ඡන්දයට ඉදිරිපත් වී සිටිති.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments