Header Ads

මීගමුව රෝහල තුළදීතරුණියක දූෂණය කර ඝාතනය කල වෛද්‍යවරයාට මරණ දඬුවම

මීගමුව රෝහල තුළදී මීට වසර කිහිපයකට පෙර තරුණියක දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ වෛද්‍යවරයාට අද මරණ දඬුවම නියම විය.

මීගමුව මහාධිකරණ විනිසුරු
එච්.එම්.ඒ. ගෆූර් මහතා සැකකරුට මරණ දඬුවම නියම කළේ, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ය.
2007 වසරේ ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට පැමිණි චමිලා දිසානායක නමැති 22 හැවිරිදි තරුණිය එහි 6 වන මහලෙන් ඇදවැටී මිය යාමේ සිද්ධිය එවක මහත් ආන්දෝලනයක් ඇති කළේ ය.
පසුව පොලීසිය කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ රෝහලේ එවක සේවය කළ සීමාවාසික වෛද්‍යවරයෙකු මෙම තරුණිය දූෂණය කර 6 වන මහලෙන් බිමට ඇද දමා ඝාතනය කර ඇති බව ය.
ඉන්දික සුදර්ශන බාලගේ නමැති මේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කෙරිණ.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ මිය ගිය තරුණියගේ මව සහ පියා ද මීගමුව මහාධිකරණයට පැමිණ සිටියහ.

දඹගල්ල කටුකරුමණ්ඩිය ප්‍රදේශයේ පදිංචව සිටි චමිලා දිසානායක ඇගලුම් සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී ඝාතනයට ලක් වූවා ය.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.

No comments

Powered by Blogger.