ෂර්වුඩ්හි රොබින්හුඩ් ගැන අමුතු කතාවක් ?
ලෝක ප්‍රසිද්ධ වීර චරිතයක් වූ ෂර්වුඩ්හි රොබින්හුඩ් ගැන ගවේශණය කළ ඉතිහාසඥයින් විසින් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව රොබින්හුඩ් සහ
ඔහුගේ ලෝක ප්‍රසිද්ධ පිටුවහල් සගයින් වාසයකර ඇත්තේ නොටින්හැම්ෂයර්හි ෂර්වුඩ් වනාන්තරයේ නොව දකුණු සහ බටහිර යෝක්ෂයර් අතර ඩොන්කැස්ටර් ආසන්නයේ බාන්ස්ඩේල් වනාන්තරයේ බව ඔවුන් පවසති.රොබින් හුඩ් හා සම්බන්ධ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවද අනාවරණය වී ඇති අතර රොබින්හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද අනුමාන කෙරේ. එය සනාථ කළ හැකි ඵලකයක්ද හමුවී තිබේ. එම ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එය පිහිටි ස්ථානයේ මිහිදන් කළ බවය.
එමෙන්ම රොබින්හුඩ් කතාවේ හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව සඳහන් අතර එසේ බැඳ තැබූ ගස ඩොන්කාස්ටර් හි ස්කෙල්බෲක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගස විය හැකි බවද ඉතිහාසඥයින් අනුමාන කරති.
රොබින්හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බව සඳහන් පැරණි සංචාරක සටහනකින්ද රොබින්හුඩ්ගේ වාසය කර ඇත්තේ යෝක්ෂයර් ප්‍රදේශයේ බවට වූ සාධකය තහවුරු වන බව ගවේෂකයෝ පවසති.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments