සජිත් ප්‍රේමදාස එජාප නියෝජ්‍ය නායක ධුරයට
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත් කළ යුතු බව කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකමතිකව තීරණය කළේ ය.
ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී
පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය.එහිදී සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක ධුරයට පත් කළ යුතු බවට පක්ෂ නායක හා ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර තිබේ.
ඊට විරෝධතාවක් ඇතිදැයි, කෘත්‍යාධිකාරී මණ්ඩලය විමසූ අවස්ථාවේ ඊට කිසිදු විරෝධාවක් ඉදිරිපත් වී නොමැත.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කළේ ය.
රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධුරයට ත්, නියෝජ්‍ය මහ ලේකම් ධුරයට අකිල විජාර් කාරියවසම් මහතා ත් භාණ්ඩාගාරික ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා ත් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments