“ නිරුවතින්හිටපු නිළියන් වැරදියි “ ලු
හොලිවුඩ් නිළියන් 100 කගේ පමණ පෞද්ගලික නිරුවත් ඡායාරූප ඇපල් දුරකථන සදහා හිමිවන දත්ත ගබඩා පහසුකමක් වන iCloud හි තැන්පත් කර තිබියදී පසුගියදා සොරාගෙන තිබිණ. මෙලෙස සොරාගත් නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබින.
නමුත් ඇපල් සමාගම අවධාරණය කර පවසා ඇත්තේ iCloud අතිශය සුරක්ෂිත බවයි. ඒවා භාවිත කරන්නන් නිසි උපදෙස් පිළි නොපැදීම නිසා එම දත්ත සොරකම් කරන්නට ඇති බව ඇපල් සමාගම පෙන්වා දෙයි.
මෙම පහසුකම භාවිත කරන්නන් දුර්වල පාස්වර්ඩ් යෙදීම,එම පාස් වාර්ඩ් ස්වංයක්‍රියව දුරකථනය තුළ තබාගැනීම ආදී වැරදි නිසා වෙනත් පාර්ශවයක් මෙම iCloud ගිණුම්වලට ඇතුළත් වන්නට ඇති බව එම සමාගම සදහන් කර තිබේ. මෙම ගිණුම් වලට ඇතුළු වී ඇත්තේ කවුරුන්ද යන්න පිළිබදව වෙනම පරීක්ෂා කරන බව පවසන ඇපල් සමාගම සදහන් කර ඇත්තේ ආරක්ෂක විධි විධාන නිසි පරිදි පිලිපදින්නේ නම් මෙවන් තත්වයන් ඇති නොවන බවයි.
ජෙනිෆර් ලොරෙන්ස් ඇතුළු හොලිවුඩ් නිළියන් රැසකගේ නිරුවත් ඡායාරූප ඇති බවත් ඒවා වරින් වර ප්‍රසිද්ධ කරන බවත් මෙම දත්ත පැහැරගත් පුද්ගලයින් පවසා තිබේ.මේ සමග මෙම ඡායාරූප පැහැරගැනීමට විරෝධය පල කරමින් ඇමරිකානු කාන්තා සංවිධානයක් දිගින් දිගටම සිය නිරුවත් ඡායාරූප iCloud වෙත එක්කරන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙලෙස නිරුවත් ජායාරූප ප්‍රසිද්ධියට පත්වූ හොලිවුඩ් නිළියන්ගේ සහ බටහිර ගායිකාවන් අතර ජෙනිෆර් ලෝරන්ස්, රිහානා, කිම් කාඩේෂියන්, ඇම්බර් හර්ඩ්, ගේබ්‍රියල් යුනියන්, හිලරි ඩෆ්, ජෙනී මැකාර්ති, කේට් අප්ටන් ද වේ.
මෙම නිළියන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඇමරිකානු රහස් ඔත්තු සේවය (FBI) වෙතින් ද ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් iCloud ගිණුම් වල ආරක්ෂාව තර කරන බව පෙන්වා දෙන ඇපල් සමාගම සදහන් කර ඇත්තේ ඊට අමතරව ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් සිය පාරිභෝගිකයා දැනුවත් කිරීම වෙත වැඩි අවධානයක් යොමු කරන බවයි.






No comments