ලක්ෂ 25ක කෙසෙල් කොළය දියවන්නා පාලමට යටවෙන හැටි
රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වෙත කරන ලද විශේෂ ආරාධනාවකට අනුව ඔහු විසින් ඉදිරිපත් කෙරුණු සැලසුමකට අනුව ඉදිකෙරුණු මෙම සුවිශේෂී හැඩැති බස් නැවතුම එකල හඳුන්වා දෙනු ලැබුවේ ආශ්චර්යයේ නැවතුමක් ලෙසිනි.
මෙම කෙසෙල් කොලය වෙනුවෙන් අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කල බව පෙනීගිය නිසා ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මීට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත්වී තිබුණා.
ඒ පිළිබඳව පැමිණිළි කළ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) ඒ ගැන පවසා තිබුනේ මෙවැන්නක්. "විරුද්ධ පක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා. නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා."
බස් නැවතුම ඉදිරියෙන් බැම්මක් බැඳ පාර උස් කර තිබෙන අයුරු පහතින්.
මිතුරන් දැනුවත් කරන්නSHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments