Header Ads

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ Yazidis සංහාරය ඉහළට

අන්තවාදී ආගමික රාජ්‍යයක් බිහිකිරීමේ අරමුනින් දහස් ගණන් අහිංසක ජනතාව ඝාතනය කරමින් සිටින ISIS ඉස්ලාම් අන්තවාදීන් පසුගිය දින කීපය තුළ Yazidis ජන වර්ගයට අයත්
සිවිල් වැසියන් 500කට අධික පිරිසක් ඝාතනය කර තිබේ. තවත් දහස් ගණනක් ආහාර සහ ජලය නොමැතිව සින්ජාර් කඳුකරයට පලාගොස් තිබේ.
ඉස්ලාම් ආගමේ සුන්නි නිකායට අයත් ISIS ත්‍රස්තවාදීන් මේ වනවිට ඉරාකයේ ‍නගර කිහිපයක බලය අල්ලා ගෙන තම ආගමට හෝ නිකායට අයත් නොවන සියලුම ජනයා ඝාතනය කරමින් සිටිති. මේ නිසා මෙතෙක් මෙතෙක් කලක් ඉරාකයේ ජීවත්වූ අන්‍යාගමිකයන් අසරණ වී ඇති අතර ඔවුන්ට ජීවත්වීමට රටක් අහිමි වී තිබේ.
කුර්දි හමුදාව දේශසීමා අසල ISIS ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන අතරම අසරණ වී ඇති සුළු ජාතික ජනයාට හැකි පමණ ආරක්ෂාව සහ පහසුකම් දීමට කටයුතු කරමින් සිටී. බටහිර රටවල්ද තම ජනතාවගෙන් එල්ලවූ දැඩි විවේචන නිසාම මේ අතර සිටින කිතුණු බැතිමතුන් සරණාගතයන් ලෙස බාර ගැනීමට අවධානය යොමු කර ඇති අතර අනාථ වී සිටින ජනතාවට ආහාර ද්‍රව්‍ය තොගයක් ගුවනින් හෙලීමටද කටයුතු කරන ලදි.

No comments

Powered by Blogger.