Header Ads

ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මිය අද අලුයම 2.00ට පමණ මහරගම පිළිකා රෝහලේදී අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඇය
මිය යන විට පසුවූයේ, 49 වියේ ය.
බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද දිනයේ දේහය තැන්පත් කර තබන අතර, හෙට ඇයගේ දේහය කලාභවනට රැගෙන ඒමට නියමිත ය.
රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට බෙරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිත ය.
රංගන ශිල්පිනියක ලෙස ඇය වඩා ත් ජනප්‍රියත්වයට පත්වූයේ, ‘වෙදහාමිනේ’ ටෙලිනාට්‍යයේ වෙදහාමිනේගේ චරිතයට පණ පෙවීමෙනි.
ඇය වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ චරිතාංග නිළියකි.

No comments

Powered by Blogger.