දණ ගැස්වූ ගුරුවරිය දූෂණය කරන බවට ලැබුණු ලිපිය මෙන්න
අද පෙරවරුවේ සිය නිවසට තැපැල් මගින් එවූ ලිපියකින් හා මිට පෙර අවස්ථා කීපයකදී නවගත්තේගම පාසලේ ගුරුවරියක් වන සුසිලා හේරත් මහත්මියට
මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙයි.
මරණ තර්ජන එල්ල වී ඇති බව වාර්තා වෙයි.
අද එවූ එම ලිපියේ මෙලෙසද සදහන් වේ.
"සාක්ෂිකරුවවත් මැරුවා. උඹත් ඇදුම් ගලවල දුෂණය කරලා, මරලා නවගත්තේගම පාසලේ බාලකයේ එල්ලනවා.
මෙහෙම නොකොළොත්.........මම නෙමෙයි .......නමක් සදහන් කර ඇත. පවුලේ අයටත් මේ ටිකම තමයි. පොලීසිවලට කිව්වට වැඩක් නැහැ. ඕනෑම පොලිසියකට කියන්න. මට උදව් කරන්න ඇමතිවරු ඉන්නවා." යැයිද එම ලිපියේ සදහන් වේ.
සුසිලා හේරත් නම් ගුරුවරිය නවගත්තේගම නවෝද්‍යා විදුහලේ විනය භාර ගුරුවරිය ලෙස සේවයේ නිරතව සිටියදී එවකට පළාත් සභා මන්ත්‍රීවරයෙකුව සිටි ආනන්ද සරත් කුමාර මහතාගේ දියණියගේ පාසල් නිල ඇදුමේ වාටිය දික් කරන ලෙස අවවාද දී තිබු අතර ඉන් කෝපයට පත් සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයා විසින් සුසිලා ගුරුවරිය විදුහල් භුමියේ දණ ගස්වා තිබුණි.
වරද පිළිගැනීමෙන් අනතුරුව පුත්තලම මහාධිකරණය විසින් ආනන්ද හිටපු මන්ත්‍රීවරයාට දඩුවම් නියම කළේය.
පසුගිය සතියේ අභිරහස් ලෙස එම නඩුවේ සාක්ෂිකරුවෙකු මියයාමත් සමග එම මරණය පිලිබඳ සැක මතුවී තිබෙන වටපිටාවක සුසිලා ගුරුතුමියටද මරණ තර්ජනය කල ලිපියක් ලැබී තිබේ.
එම ලිපිය ලියා ඇත්තේ ආනන්ද සරත් කුමාර මන්ත්‍රීවරයා විසින් එවන ආකාරයටය. මෙම ලිපිය බැලු බැල්මට සැකයක් මතුවන අතර එම ලිපියේ අන්තර්ගතය පහතින් බලන්න.
මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
No comments