දෙවන වරටත් යහන් ගත වෙන්නට ආ බාප්පාගේ ලිංගය කපා දැමූ ඥාති දියණිය
තමන්ට දෙවන වතාවටත් අතවර කිරීමට පැමිණි බාප්පාගේ ලිංගය කපා දැමීමට අවුරුදු 17ක් වයසැති ගැහැණු ළමයෙකු සමත්ව ඇති පුවතක් ලොව ස්ත්‍රී දූෂණ බහුල රටක් ලෙස සලකන
අසල්වැසි ඉන්දියාවෙන් අප වෙත වාර්තා වෙනවා.
අසල්වැසි ඉන්දියාවෙන් අප වෙත වාර්තා වෙනවා.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි.
එකී දැරිය අසනීප වූ අවස්ථාවක ඇයගේ මව සිය සහෝදරියකගේ සැමියා ලවා දැරිය සුවපත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ ඇයගේ බාප්පා බව පැවසෙන මහේන්ද්‍ර මෙහෙතා ලවායි.
ඔහු ආධ්‍යාත්මික කටයුතුවල නිරත වන අයෙකු බව පැවසෙන අතර දැරිය ඔහු අතින් පළමු වරට එම අවස්ථාවේදී දූෂණයට ලක්ව තිබෙනවා. මෙම සිද්ධිය දැරිය කිසිවෙකුටත් නොපවසා ඇති අතර මහේන්ද්‍ර මහතා ගැන පවුලේ අය තුළද කිසිදු සැකයක් ඇති වී නැත.
මේ අතර පසුගිය 2 වැනිදා මෙම ගැහැණු ළමයා දෙවන වතාවට සිය භාප්පාගේ නිවසට ගොස් තිබෙනවා. එසේ යාමට පෙර ඇය තමන්ට
අදත් මීට පෙර මෙන් අත්දැකීමකට මුහුණපෑමට සිදුවෙතැයි ඇති වූ සැකය මත තියුණු පිහියක් හා ජංගම දුරකථනයක්ද රැගෙන ගොස් තිබෙනවා.
එහිදී බාප්පා සමග ඇති වූ කතා බහ පටිගත කරන අතරම ඇය විසින් ඔහුගේ ලිංගය කපා නිවසින් පලාගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ලිංගය අහිමි බාප්පා තවමත් නිදැල්ලේ සිටින බවද කියැවෙනවා.
No comments